IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ගුවන් පාලකවරුන් 50 ක් බඳවා ගන්න යයි

(සුජිත් හේවාජුලිගේ )

ගුවන් ගමන් පාලකවරුන්ගේ  (air traffic controllers) හිඟය සපුරාලීම සඳහා  ආධුනික ගුවන් ගමන් පාලක වරුන්  50 දෙනකු  ලබන 16 වැනිදා බඳවා ගන්නා බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

එම පිරිස පුහුණුවකින් පසු ගුවන්  ගමන් පාලකවරුන් ලෙස බඳවා ගැනෙනු ඇත.ගුවන් ගමන් පාලකවරුන්ගේ ගැටලුව කඩිනමින් විසඳීමට ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා කීවේය.


ගුවන්යානා මෙහෙයුම් කටයුතු සඳහා පාලකවරුන් 148 කගේ සේවය අවශ්‍ය වුවත් මේ වනවිට ගුවන් පාලක මධ්‍යස්ථානවල රාජකාරි කරන්නේ පාලකවරුන් 79 දෙනකු පමණක් බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

කටුනායක මත්තල රත්මලාන යාපනය සහ මඩකලපුව යන ගුවන් තොටුපොළවල් ආශ්‍රිතව ගුවන් පාලක මධ්‍යස්ථාන ක්‍රියාත්මක වේ. ගුවන් පාලකවරුන්ගේ හිඟය  නිසා දැනට සිටින ගුවන් පාලක වරුන්ට පැය 24 පුරා එම  රාජකාරි කිරීමට සිදුව ඇතැයි වාර්තා වේ.


 



අදහස් (6)

ගුවන් පාලකවරුන් 50 ක් බඳවා ගන්න යයි

chandima Monday, 08 May 2023 03:56 PM

ඔයතරම් පාලකවරු හිග වෙනකල්ම ඇමතිකම් දැරුවෙත් ඔයගොල්ලොම නේද?

:       0       9

ධර්මසිරි Monday, 08 May 2023 04:57 PM

ඒ වුණාට තමන්ට ගොට්ට ඇල්ලූ අයට උදව්වක් කරන්න ඕනෑ... එහෙම අයට ඒ වෙනකොට වයස මදි. ඉතින් අවශ්‍යතාව නොසලකා හිතවතුන්ට සංග්‍රහ කිරීමට කල්මරමින් හිටියද කියලා හිතෙනවා. කන්න ඕනෑවුණාම කබරගොයා, තලගොයා කියන අතේ බුලතේ, පුටුවේ, පොහොට්ටුවේ පිරිස්වල හැටි එහෙම තමයි...

:       0       6

ravin Monday, 08 May 2023 05:54 PM

දේශපාලුවන්ගේ පස්ස ලෙවකන්නේ නැතිව සුදුස්සාට සුදුසු තැන දෙන්නකෝ... එහෙම නැතිව නුසුදුස්සන්ට ඔය තනතුරු දුන්නොත් ගුවන් යානා අහසේ කෙසේ වෙතත් බිමනම් තියේවි...

:       0       4

චන්දුසේනTuesday, 09 May 2023 08:16 AM

බයවෙන්න එපා මොකුත් වෙන්නේ නෑ හැම දාම ඔිකට ගත්තේ එහෙම තමා නාසා එකට ගන්න වගේ ටෙස්ට් තියලා තියලා අපේක්ෂකයින් අන්තිමටම වටිටලා දේසපාලකයින් කියා ගන්නා පිංගුත්තරයින්ගේ හෙන්චයියන් තමා බදවා ගන්නේ ,මටත් වසර 40 කට විතර ඉහතදි මෙි දෙයම වුනා සියලුම අමාරැ ලිකිත පරික්ෂණ සමත් වෙලා අන්තිමට ඉතාම සරල පරික්ෂණයකින් එක ලකුනකින් අසමත්වුනා ! අතිදක්ස කන්ඩායමක් බදවා ගත්තා මොකුත් වුනේ නෑ ඒ නිසා බයවෙන්න එපා ඔහොම යන් ! ⁣

:       0       1

Ruhunu Tuesday, 09 May 2023 12:33 AM

ඕවා දුවන්නෙත් පාඩු පිට .ගන්න එවුන්ට පඩි ගෙවන්නේ අම්මගේ තාත්තගේ භූදලයෙන්ද ?

:       0       0

Perera Tuesday, 09 May 2023 06:49 AM

රටට හරියන එක පාලකයෙක් හොයාගන්න බැරි එකනේ වැඩේ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 273 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 802 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1211 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site