IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගුවන් නියමුවා පැහැරගෙන අලි ජංජාලයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්හි ගුවන් තොටුපොළකට ගොඩබෑ අවස්ථාවේදී සාප්පු සවාරි ගිය එහි ගුවන් නියමුවා කිසියම් කණ්ඩායමක් විසින් පැහැරගෙන යාම හේතුවෙන් ගොඩබෑ ගුවන් යානය නැවත පියාසර කරවීම සඳහා ආදේශක ගුවන් නියමුවකු යෙදවීමට බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සේවයට සිදුව ඇත.

සාප්පු සවාරි ගිය එම ගුවන් නියමුවා ජොහැන්නස්බර්ග් නගරයේ චෙකර්ස් බ්ලූබර්ඩ් මෙල්රෝස් සුපිරි වෙළඳ සංකීර්ණය ඉදිරිපිටදී පැහැරගෙන ගොස් ඇත.

ගුවන් නියමුවා එම සුපිරි වෙළඳ සංකීර්ණය පිටතට පැමිණෙන විට කාන්තාවක් පැමිණ බඩු මලු මෝටර් රථය වෙත රැගෙන යාමට සහාය වන ලෙස ඉල්ලා තිබේ.

එමි ඉල්ලීමට කන්දුන් ගුවන් නියමුවා බඩු මලුත් රැගෙන කාන්තාවගේ මෝටර් රථය වෙත ගොස් ඇති අතර එහිදී මෝටර් රථයේ සිටි පිරිමි කණ්ඩායමක් ගුවන් නියමුවාව පැහැරගෙන ගොස් ඇත.

පාළු ප්‍රදේශයක මෝටර් රථය නවතා මුදල් ලබා ගැනීමේ අරමුණින් ගුවන් නියමුවාට දස වධ දී ඇති බව ජොහැන්නස්බර්ග් පොලිසිය ප්‍රකාශ කළේය.අනතුරුව මුදල් ලබා දීමෙන් පසුව ගුවන් නියමුවා නිදහස් කර ඇතත් ඉන් ගුවන් යානයේ කාර්ය මණ්ඩලය කම්පනයට පත්ව ඇත.අවසානයේ පැහැරගත් ගුවන් නියමුවාගේ සෞඛ්‍ය තත්වය යහපත් නොවීම හේතුවෙන් ගුවන් යානය පියාසර කරවීමට ආදේශක ගුවන් නියමුවකු යෙදවීමට බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සේවයට සිදුව තිබේ.

 



අදහස් (1)

ගුවන් නියමුවා පැහැරගෙන අලි ජංජාලයක්

හිතහොද අම්මන්ඩි Friday, 12 January 2024 08:30 AM

ලංකාවෙ මිනිස්සු වගේ තමන්ගෙ තත්වය රැකගන්නෙ නැතුව නාට්ටාමි වැඩේ කරන්න ගිහිල්ලා කරගත් දෙයක් කියන්න පුළුවන් මේවා ඉතින් කාටකාටත් මතක හිටින පාඩම් තමයි

:       9       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site