
(අංජුල මහික වීරරත්න)
වන සතුන්ගෙන් සිදුවන වගා හානි වලක්වා ගැනීම සඳහා පතරොම් තුවක්කු නිකුත් කිරීමේ සීමාව අක්කර 5 සිට අක්කර 2 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.
මේ වනවිට රටපුරා සෑම දිස්ත්‍රික්කයකම රිලවුන්ගෙන් සිදුවන වගා හානි ඉහල ගොස් ඇතැයි ගොවීන්ගෙන් ලැබුණ පැමිණිලි අනුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම තීරණය ගෙන තිබේ.
පොල්, එළවළු, පලතුරු මෙන්ම වෙනත් සෑම බෝගයකටම පාහේ රිලවුන්ගෙන් සිදුවන හානිය නිසා වගාවන්ගෙන් ලබා ගත හැකි සමස්ත අස්වැන්න තමන්ට අහිමි වී ඇතැයි ගොවි ජනතාව අමාත්‍යවරයාට කරුණු ඉදිරිපත් කර ඇත.
කෑගල්ල හා මහනුවර දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවලට ගොස් ගොවි ජනතාව හමු වී ඔවුන්ගේ ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමෙිදී ගොවීන් පවසා ඇත්තේ පොල් ගෙඩි 800ක් පමණ අස්වනු ලබා ගත් තම වතුවලින් මේ වනවිට පොල්ගෙඩි 100ක් වත් කඩා ගත නොහැකි තරමට රිලවුන් විසින් අස්වනු පාලු කර ඇති බවයි.
2025 දෙසැම්බර් මස 18
570
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගොවීන්ට තුවක්කු දෙන අක්කර ගාන වැඩි කරන්න කැබිනට් පත්‍රිකාවක්
Amara Tuesday, 09 July 2024 11:15 AM
වායු තුවක්කු දුන්නම මදිද??? මේවා සමාජයට ගිනි අවි වැඩි කිරීමෙන් ගැටලු ඇති කරවනවා
Nihal Tuesday, 09 July 2024 12:03 PM
මේක විහිලුවක් වගේ පෙනුනත් දුනු ඊතල හදාගත්තත් හරි තුවක්කු නැත්නම්. ඕනෑනම් වැද්දෝ ළඟ සල්ලි දීලා ගන්නත් තියෙනවා.
සමන්ත Tuesday, 09 July 2024 01:17 PM
අක්කර පහක් තියෙන ගොවියන් කී දෙනෙක්ද ලංකාවේ ඉන්නේ. දෙමව්පියන්ගෙ ඉඩම් දරු මුණුපුරන් අතර බෙදිලා ගිහින් තියෙන්නෙ. බහුතරයක් අක්කර දෙකට අඩු ගොවියන්. අක්කර දෙකට වැඩි ඉඩම් ඇති බහුතරයක් පූර්ණකාලීනව කෘෂිකර්මාන්තයේ යෙදෙන අයත් නොවේ. අක්කර දෙකේ සීමාව තමයි අදට ගැලපෙන්නේ. මැති ඇමැතිලාට සහ රජයේ නිලධාරින්ට රිසි සේ ඉඩකඩම් තිබුනට සැබෑ ගොවියන්ට එහෙම නෑ
වදුරා Tuesday, 09 July 2024 10:57 PM
ඔව්. ඔය මාසයක් විතර අරහෙට මෙහෙට විදිනකොට ඉබේටම පුහුණුවකුත් ලැබිලා යමක් කරගන්න පුළුවන්. අවුල තියෙන්නේ ඔය මරන රිලවුන්ට මොකද කරන්නේ කියන එක. කන්නයෑ....