IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ගංවතුර නැති කොලොන්නාවක් හදන්න නිර්දේශ 16ක්

(අංජුල මහික වීරරත්න)

කොළොන්නාව  ජල ගැලුම් තත්ත්වය වැළැක්වීම සඳහා සකස් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කොළොන්නාව ප්‍රදේශයේ ජල ගැලීම් ඇති වීම සඳහා බලපාන මූලික හේතු සොයා බලා එවැනි තත්ත්වයක් නැවත ඇති වීම වලක්වා ගැනීමට අවශ්‍ය නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීමට සහ කොළොන්නාව නගරය ප්‍රතිසංවිධානය සඳහා පුළුල් සංවර්ධන සැලැස්මක් සකස් කිරීමට කොළඹ දිස්ත්‍රික් ලේකම්ගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට 2024 -06-03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබ ඇත. 

ඒ අනුව කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජල ගැලීම් වලට හේතුවන මූලයන් හඳුනාගෙන නැවත එවැනි තත්ත්වයක් ඇති වීම වැළැක්වීම පිණිස ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් සකස් කරනු ලැබ ඇති වාර්තාව සහ නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරමින් පවතින කොළොන්නාව නගර සංවර්ධන සැලසුම හා කොටිකාවත්ත - මුල්ලේරියාව නගර සංවර්ධන සැලසුම මාස 4 ක කාලයක් ඇතුලත සකස් කර ක්‍රියාත්මක කිරීම ඇතුළුව නිර්දේශ 16ක් එම කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ තිබේ. 

එම නිර්දේශ නිසි අධ්‍යයනයකින් අනතුරුව අදාළ වග කිවයුතු ආයතන හරහා ක්‍රියාත්මක කිරීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය මග පෙන්වීම සහ අධීක්ෂණය සඳහා අග්‍රාමාත්‍යවරයාගේ  ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළේය.

 



අදහස් (3)

ගංවතුර නැති කොලොන්නාවක් හදන්න නිර්දේශ 16ක්

shantha Tuesday, 06 August 2024 07:23 PM

ආණ්ඩුවේ ඡන්ද ගුණ්ඩු.. ගුණ්ඩු. ඔය මොන ගුණ්ඩුව දැම්මත් කොලොන්නාවේ බහුතරය මාලිමාවට. රනිල් ඇතුළු හොර රැල හිරගෙට...

:       0       0

Jagath Gunathilaka Wednesday, 07 August 2024 06:57 AM

මේ දිනවල සාමාන්‍යයෙන් මැතිවරණ ආසන්න කාලවලදී රටේ සෑම අවස්ථාවලදී අනවසර ඉදිකිරීම් බොහොමයක් ක්‍රියාත්මක වෙනවා පළාත් පාලන ආයතනවල බලය ලත් නිළධාරි කිසිවක් නොදන්නා ආකාරයට කටයුතු කරන බව පේනවා පළාත් පාලන ආයතන සතු මාර්ග පටුකර නිවාස හා තාප්ප පාරට බහිනවා කියන්න ගියාම බලය ලත් නිළධාරි ගහගන්න තමයි එන්නෙ ඒ නිසා මැතිවරණ ආසන්න මෙම කාලයේ සියලු පළාත් පාලන ආයතන නිළධාරින්ට අනවසර ඉදිකිරීම් නැවතීමට කටයුතු කරන්න කියලා නියෝග දෙනවා නම් හොදයි එහෙම නොකර සිටීමේ විපාක තමයි ඔය කොලොන්නාවෙ තියෙන්නේ

:       0       1

Swene Thursday, 08 August 2024 05:06 AM

කමිටු පිට කමිටු පත් කරනවා...! ඔය ගොබ්බ අගමැතිගෙනුත් කිසිම වැඩක් නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 604 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site