
(රෝෂන් තුෂාර)
මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන "ලංකා T 10 සුපර් ලීග්" ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකුට බලපෑම් කළේ යැයි කියන " ගෝල් මාවල්ස්" කණ්ඩායමේ හිමිකාර ඉන්දීය ජාතිකයා ලබන 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(16) නියෝග කළේය.
ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ විශේෂ විමර්ශන පොලිස් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඉන්දීය ජාතික ප්‍රේම් මතීස් කටර් සැකකරුව මෙසේ යළි රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර සැකකරු සිද්ධිය අනාවරණය කරමින් ලබාදීමට නියමිත රහස් ප්‍රකාශය එදින ලබා දෙන ලෙසට නියෝග කළේය.
සැකකරු පසුගිය 13 වෙනි දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි .
සැකකරු අද දින බන්ධනාගාර අධිකාරිය මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දෙපාර්ශවයේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරු රහස් ප්‍රකාශයක් ලබා දෙනුයේ ස්වේච්ඡාවෙන් ද? යන්න පිළිබඳව මහේස්ත්‍රාත් නිලමැදිරියේදී විමසීම් කර ඇත.
මෙම කරුණු විමසීම් මහේස්ත්‍රාත්වරයා සහ සැකකරු අතර පමණක් සිදු වූ අතර දෙපාර්ශවයේ නීතිඥවරුන් නිලමැදිරියෙන් බැහැර කළේය.
2025 දෙසැම්බර් මස 18
605
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’ ගෝල් මාවල්ස්’’ හිමිකරු යළි රිමාන්ඩ්
සමන් කොලිඳු Monday, 16 December 2024 04:28 PM
ක්‍රිකට් එපා වුනේ මේ වගේ දේවල් හින් දා තමා. Jannat (2008) ෆිල්ම් එක බලපු දා ඉඳලා තමයි වැඩේ තේරුනේ...