(රෝෂන් තුෂාර)
මහනුවර පල්ලේකැලේහි පැවැත්වෙන "ලංකා T 10 සුපර් ලීග්" ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකාර ඉන්දීය ජාතිකයා ලබන16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ශණ කැකුණවෙල මහතා අද නියෝග කළේය.
ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශය මගින් සැකකරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි .
සැකකරු තරඟ පාවාදීම සම්බන්ධයෙන් යෝජනාවක් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයකුට සිදුකර ඇති බවත් එම ක්‍රීඩකයා ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට දැනුම්දී ඇති බවත්,විමසන අවසන් නොමැති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් රජය අධි නීතිඥ උදාර කරුණාතිලක මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.
ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම
වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොල
පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘ගෝල් මාවල්ස්‘හිමිකරු රිමාන්ඩ්