(චන්ද්‍රසිරි ගුණසේකර)
තේ කප්පාදු කරන පිහියකින් ගෙලට පහර දීමෙන් 26 හැවිරිදි තරුණයෙකු මරා දමා ඇතැයි නෙළුව පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ නෙළුව දනවල,පිංකන්දහේන පදිංචිව සිටි කළුආරච්චිගේ තුෂාර ලක්මාල් නැමැති 26 හැවිරිදි තරුණයෙකි.
මෙම තරුණයා පදිංචි නිවෙස අසළ නිවසක පදිංචි පියෙකු හා පුතෙකු අතර ඉකුත් සිකුරාදා සවස ආරවුලක් ඇති වී ඇති අතර මියගොස් සිටින තරුණයා එහි ගොස් එම පියපුතු ගැටුම සමථයකට පත්කිරීමට උත්සාහ දරා ඇත.එම අවස්ථාවේදී ඉන් එක් අයෙකු අතවූ තේ කප්පාදු පිහියකින් එම තරුණයාගේ ගෙලට පහර දීමෙන් ඔහු මියගොස් ඇති බව නෙළුව පොලිසිය කළ පරීක්ෂණ වලදී හෙළිවූ බවද පොලිසිය පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය උඩුගම මහේස්ත්‍රාත් එච්.එම්.එස්.බණ්ඩාර මහතා විසින් ඊයේ (02) සවස සිදුකරන ලද අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (03) සිදුකිරීමට නියමිතය.
සිද්ධියට සම්බන්ධ පියා සහ පුතා අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා අද (03) උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
නෙළුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක හේමන්ත බස්නායක මහතා සහ උප පොලිස් පරීක්ෂක ධනපාල විජේනායක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ගෙල කපා තරුණයා මරා දමලා