(නිමන්ති රණසිංහ)
ඇප කොන්දේසි කඩ කිරීමක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සදහා ලබන 23 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරි ධම්ම හිමිට අද (05) සිතාසි නිකුත් කළේය.
ඇප කොන්දේසියට අනුව තම කොට්ඨාසයේ පෙනී නොසිටි මෙම සැකකරුට අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කිරීමට සිතාසි නිකුත් කරන ලෙසට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව රක්ෂිත බන්ධනාගාර ගත කර සිට නිතිපති උපදෙස් ප්‍රකාරව ඇප නියම වූ සිරිධම්ම හිමියන්ට මාස දෙකකට වරක් තම කොට්ඨාසයේ පෙනී සිටින ලෙසට අධිකරණයෙන් ඇප කොස්දේසියක් නියම කර තිබියදී මෙම සැකකරු ඉකුත් 20 වැනිදා නොපැමිණී බව ත්‍රස්ත මර්දන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගල්වැව සිරි ධම්ම හිමිට සිතාසි