IMG-LOGO

ගාල්ල බන්ධනාගාරයේ 37 කට කොරෝනා

 

(ජේ.කේ.එල්. චාමින්ද සහ ප්‍රේමතිලක ද සිල්වා)

ගාල්ල බන්ධනාගාරයේ සිරකාරියන් 34 දෙනෙකුට හා බන්ධනාගාර නියාමකවරියන් 03 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද (06) දින තහවුරුවී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.

ඊයේ (05) දින ගාල්ල බන්ධනාගාරයේ කාන්තා සිරකාරියන් 39 දෙනෙකු, පිරිමි සිරකරුවන් 06 දෙනෙකු බන්ධනාගාර නියාමකයින් 07 දෙනෙකු හා බන්ධනාගාර කාන්තා නියාමකවරියන් 17 දෙනෙකු පී.සී.ආර්. පරික්ෂණවලට ලක්කරණු ලැබූහ. පී.සී.ආර්. පරික්ෂණවලට ලක්කළ 69 දෙනාගෙන් 37 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.

බන්ධනාගාර වාට්ටුවේ සිටි කාන්තා සිරකාරියින් 39 දෙනාගෙන් 34 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. බන්ධනාගාර කාන්තා නියාමකවරියන් 17 දෙනාගෙන් 03 නෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවද ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.

කාන්තා සිරකාරියන් ගල්ලැල්ල කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානයට හා බන්ධනාගාර කාන්තා නියාමකවරියන් තිදෙනා කරන්දෙණිය ප්‍රථිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරිමට කටයුතු කර ඇති බවද හෙතෙම පවසයි. කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බන්ධනාගාර කාන්තා නියාමකවරියන්ගේ පවුල් වල අය පී.සී.ආර්. පරික්ෂණවලට ලක්කොට නිරෝධායනයට ලක්කිරිමට කටයුතු කරණ බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවේ සිටි ගැබනි මවකට ඊයේ (05) දින කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් මෙම පී.සී.ආර්. පරික්ෂණ සිදුකරණු ලැබීය.



අදහස් (0)

ගාල්ල බන්ධනාගාරයේ 37 කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 375 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 541 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 224 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site