(ඩි.ජී.සුගතපාල)
ගාල්ල බන්ධනාගාරයේ කොරෝනා ආසාදිත කාන්තා රැඳවියන් 35 දෙනා ප්‍රතිකාර සඳහා අද (08) දහවල් වනතුරුම රෝහල් වෙත ගෙන ගොස් නැතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත ජීවරත්න මහතා පැවසීය.
ඉකුත් 5 වනදින බන්ධනාගාරයේ කාන්තාවක්ට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවීම නිසා 6වනදින බන්ධනාගාරය තුල සිදු කරන ලද පී.සී.ආර්.පරික්ෂණවලදි මෙම කාන්තා රැඳවියන් 35දෙනාට සහ කාන්තා නියාමකවරියන් තිදෙනෙකුට කොරෝනා ආසාදනයවී ඇති බවට තහවුරුවී ඇත.
මෙම පිරිස බන්ධනාගාර රැඳවියන් නිසා ආරක්ෂිත ස්ථානයකට ගෙන යා යුතු බවය. මේ පිළිබඳ කටයුතු සිදුවන්නේ කොළඹින් ලැබෙන උපදෙස් අනුව බවත්, කෙසේ වෙතත් මේ වනවිට හික්කඩුව ආරච්චිකන්ද රෝහලට සහ කරන්දෙණිය රෝහලට ඇතුලත් කිරිම සම්බන්ධයෙන් සළකා බලමින් සිටින බවත්, කරන්දෙණිය රෝහලට අනුයුක්තව හමුදා අනුඛණ්ඩයක් පිහිටුවා ඇති බවත් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත ජීවරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
බන්ධානාගර නිලධාරියෙකුගෙන් විමසුවිට කියා සිටියේ මෙම කාන්තා රැඳවියන්ගෙන් වැඩි දෙනා මත්ද්‍රව්‍ය ඇතුලු වෙනත් වැරදි සම්න්ධයෙන් චෝදනා ලබා සිටින අය බවයි.එබැවින් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ සැළකිලිමත් වියයුතු බවද එම නිලධාරියා පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ගාල්ල බන්ධනාගාරයේ ආසාදිත රැඳවියන් 35ක් ප්‍රතිකාරවලට යොමුකර නැහැ