IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ගාල්ලේ කටුගොඩට සංචරණ සීමා


 (ජේ.කේ.එල් චාමින්ද)

කොරෝනා වසංගත තත්වය හමුවේ ගාල්ල නාගරික බල ප්‍රදේශයට අයත්  කටුගොඩ තොරාගත් ප්‍රදේශ  කිහිපයක සෞඛ්‍ය බලධාරින්ගේ නිර්දේශ මත සංචරණ සීමා පැනවීමට කටයුතු කරඇති බැව් ගාල්ල වරාය පොලිසිය පවසයි.
  
කටුගොඩ කොරෝනා ආසාදිත රෝගින් 14 දෙනෙකු වාර්තාවීමත් සමග  මාර්ග බාධක 03ක් යොදා සංචාරණ සීමා පැනවීමට කටයුතුකර ඇති බැව් ගාල්ල  වරාය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දුමින්ද කුමාර මහතා පැවසීය. ගාල්ල නාගරික බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවසම් 07ක් සදහා සංචරණ සීමා පැනවීමට කටයුතු කරතිබුණි.
   
ගාල්ල මහනගරාධිපති ප්‍රියන්තසහබන්දු මහතා සදහන් කළේ පවතින තත්වය පිළිබද සෞඛ්‍ය බලධාරින් සමග සාකච්ඡාකොට දංගෙදර සමගිවත්තහි සංචරණ සීමා ලිහිල්කළ බවය.එමෙන්ම දේදුගොඩ ප්‍රදේශයේ දමා තිබු මාර්ග බාධකයක් ඉවත් කළ බවත්,මිලිද්දුව ප්‍රදේශයේ මාර්ගය වසා තිබු ස්ථානයක් තව ඉදිරියට ගත් බවද හෙතෙම පවසයි. දංගෙදර නැගෙනහිර ප්‍රදේශයට අයත් මොරගොඩ පාළම අසල දමා තිබු මාර්ග බාධකය වෙනස් කිරිමට ලක්කළ බවද නගරාධිපතිවරයා සදහන් කළේය.
  
මේ පිළිබද අදහස් දක්වමින් ගාල්ල නගරාධිපතිවරයා මෙසේද කිවේය.
"ගාල්ලට දැනට  පනවා ඇති ග්‍රාම නිලධාරිවසම්වල සංචරණ සීමා මෙම මස 18 වැනිදින රාත්‍රී 12.00 දක්වා ක්‍රියාත්මක වෙනවා. ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ  මිලදි ගැනීමට යාම සදහා  පැයක පමණ සහන කාලයක් ලබාදීලා තියෙනවා. දැනට මෙකී  ප්‍රදේශවල මාර්ග බාධක 14ක් පමණ පොලිසිය මගින් දමා තියෙනවා.පොලිසිය හා සෞඛ්ය  බලධාරින් සමග සාකච්ඡාකොට එවායේ පොඩි පොඩි වෙනස්කිරීම් කළා" යැයිද නගරාධිපතිවරයා පවසයි.
 
නොවැම්බර් මස 30 වැනිදින සිට ඊයේ (16) දින දක්වා ගාල්ලෙන් කොරෝනා ආසාදිත රෝගින් 117ක් දෙනෙකු වාර්තා වි ඇත.

 

 



අදහස් (0)

ගාල්ලේ කටුගොඩට සංචරණ සීමා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 409 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 569 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 234 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site