IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගිලන් රථයක් ලොරියේ හැපී ගිලන් වේ

(සමන් පාලිත නානායක්කාර)

බණ්ඩාරවෙල බදුල්ල මාර්ගයේ දෝව ප්‍රදේශයේ දී ගිලන් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් ගිලන් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

ටිපර් රථයේ තට්ටුවේ හැපීමෙන් ගිලන් රථයට දැඩි හානි සිදුවී ඇති බවත් එහි රෝගීන් දෙදෙනකු සිටිය ද එම රෝගීන්ට කිසිදු හානියක් සිදුවී නොමැති බවද පොලිසිය කියයි.

ගිලන් රථයේ සිටි රිය සහයක සහ උපස්ථායක ද සුළු තුවාල ලබා ඇති බව ද පොලීසිය කියයි. 

දියතලාව මූලික රෝහලට අයත් ගිලන් රථයක් මෙසේ අනතුරට ලක් වී තිබේ.

ප්‍රතිකාර සඳහා දියතලාව මූලික රෝහලේ රෝගීන් දෙදෙනකු බදුල්ල මහ රෝහල වෙත රැගෙන ගොස් ආපසු එන අතරතුර මෙම අනතුර සිදුව තිබේ. ගිලන් රථ රියදුරු ගේ හිසට සහ අතකට වූ තුවාල හේතුවෙන් ගිලන්රථ රියදුරුගේ තත්ත්වය බරපතළ වී ඇති බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 



අදහස් (0)

ගිලන් රථයක් ලොරියේ හැපී ගිලන් වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site