(ඇන් ජේ පතිරාජ)
ගල්ගමුව ප්‍රධාන තැපැල් කාර්යාලයට ඊයේ රාත්‍රී ඇතුළු වු පුද්ගලයකු හෝ පිරිසක් එහි සේප්පුව කඩා රුපියල් ලක්ෂ දාසයක පමණ මුදලක් සොරාගෙන ගොස් ඇතැයි ගල්ගමුව පොලිසිය කියයි.
කොල්ලය සිදු කළ පුද්ගලයා හෝ පිරිස තැපැල් කාර්යාලයේ උඩු මහලින් ඇතුළු වි ,බිම් මහලට පැමිණ ඇති බවත් පරීක්ෂණවලදි අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි .මුදල් තැන්පත් කළ සේප්පුව බිම් මහලේ තබා තිබි ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
සේප්පුවේ දොර කඩා ඇති බවක් පෙනෙන්නට නැති බවත් , දොර විවෘත කොට මුදල් රැගෙන ඇති බවත් පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරිියෙක් කීය.
තැපැල් කාර්යාලයේ උඩු මහලේ දොරක් හා ඉන් බිම් මහලට ඇතුළු වන දොර ද කඩා දමා ඇතැයි පොලිසිය කියයි.
මේ සොරකම සම්බන්ධයෙන් සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන හෝ අත් අඩංගුවට ගෙන නොමැති බව පොලිසිය සඳහන් කරයි.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගල්ගමුව තැපැල් කාර්යාලය කඩලා