
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගල්කිස්ස දිලංගා ගෝමස්)
ගල්කිස්ස හුළුදාගොඩ පාළු ඉඩමකදි තියුණු ආයුධ වලින් පහරදී පුළුස්සා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකරුවන් අතර ඝාතනයට සෘජුවම සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා ද සිටින බව පොලිසිය සඳහන් කරයි. සැකකරුවන් ඝාතනය සඳහා යොදාගත්තු මන්නා පිහි දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත.
මෙලෙස ඝාතනයට ලක්වූයේ රත්මලාන මහින්දාරාම පාරේ පදිංචිව සිටි කාවින්ද ගයාෂාන් රණවක නොහොත් ටිකිරා නමැති 23 හැවිරිදි පුද්ගලයෙකි . තම පුතු අතුරුදහන් බවට මියගිය පුද්ගලයාගේ මව විසින් ඉකුත් 29 රාත්‍රී ගල්කිස්ස මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබිණි
ඒ අතරතුර ‘මොරටුව පාතාලයේ" නමින් තිබෙන සමාජ මාධ්‍යයේ ද මෙම ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව ප්‍රසිද්ධ කර තිබූ බවත් ඒ ඔස්සේ විමර්ශන කටයුතු පොලිසිය මගින් සිදු කරමින් සිටියදී මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට ලද තොරතුරකට අනුව මළ සිරුර සොයා ගැනිණි.
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගල්කිස්සේ පුද්ගල ඝාතනයට තුනක් අල්ලයි