IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට වෘත්තිය මඟට යනවා’

(නිමල කොඩිතුවක්කු)
          
ගුරු හා විදුහල්පති සේවාවල වැටුප් විෂමතාවය ඇතුළු ගැටලූ මුල් කරගනිමින් නැවත දැනුම් දීමකින් තොරව වෘත්තීය ක‍්‍රියාමාර්ග වලට අවතීර්ණ වන බව ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවැසීය.

ගුරු හා විදුහල්පති සේවාවන්ට වසර 22 ක් රාජ්‍ය සේවය තුළ පවත්නා බරපතල වැටුප් විෂමතාව හා මාස 30ක හිඟ වැටුප් කප්පාදුවට විසදුම් ලබා නොදීමත්, 2016 වර්ෂයේ සිට පත්වීම් ලබන්නන්ගේ විශ‍්‍රාම වැටුප අහිමි කිරීමටත් දැඩි විරෝධය පළකර මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ග වල නිරත වන බවද ඔහු සඳහන් කළේය.

පන්ති කාමර ඉගෙනුම්-ඉගැන්වීම් ක‍්‍රියාවලියට බාධා කරන වැඩ පැවරිමටත්, පාසල් සිසු විනය රකින ගුරුවරුන්ගේ ආරක්‍ෂාව සඳහා විධිමත් වැඩ පිළිවෙළක් සකස් නොකිරීම සම්බන්ධයෙන්ද ලංකා ගුරු සේවා සංගමය දැඩි විරෝධය පළ කර සිටින බවද ජයසිංහ මහතා පැවැසීය.

ඉදිරි සති 02 ක කාලය තුළ මෙම ගැටළු විසඳීමට කටයුතු නොකරන්නේ නම් නැවත දැනුම් දීමකින් තොරව වෘත්තීය ක‍්‍රියාමාර්ග වලට අවතීර්ණ වන බවද මහින්ද ජයසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (1)

‘ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට වෘත්තිය මඟට යනවා’

කරුණරත්න විජේකෝන් Sunday, 12 January 2020 04:57 AM

2020 න් පසු විශ්‍රාම ලැබු පළමු ශ්‍රේණිය විදුහල්පතිවරයෙකුගේ වැටුප අතර විශාල පරතරයක් පවතිනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16886 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 664 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site