( පුෂ්පකුමාර ජයරත්න )
කුරුණෑගල නගරයේ ප්‍රධානම පාසලක උසස් පෙළට ශිෂ්‍යයකු ඇතුළත් කිරීම සඳහා රුපියල් ලක්ෂ තුනක මුදලක් ඉල්ලා එය ලබා ගැනීමට ගිය එම පාසලේ ගුරුවරයෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ පොලිස් නිලධාරීන් විසින් කුරුණෑගලදී අත්අඩංගුවට ගනු ලැබීය.
එම පාසලේ උසස් පෙළ කලා අංශය බාර ප්‍රධාන ගුරුවරයා අද (8) පස්වරුවේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
අනුරාධපුර ප්‍රදේශයේ ශිෂ්‍යයකු උසස් පෙළ කලා අංශයට ඇතුළත් කර ගැනීමට ශිෂ්‍යයාගේ පියාගෙන් රුපියල් ලක්ෂ තුනක මුදලක් ඉල්ලා ඇති සැකකාර ගුරුවරයා කුරුණෑගල නගරයේදී එම මුදල ලබා ගැනීමට ගිය අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අනුරාධපුර ශිෂ්‍යයාගේ පියා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. සැකකාර ගුරුවරයා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
311
1
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
202
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුරා අල්ලස් දැලේ පැටලේ
ana Thursday, 09 February 2023 07:39 AM
පිලිලයකි..