(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පුත්තලම , උඩප්පුව ප්‍රදේශයේ විදුහලක උපාධිධාරී ගුරුවරියකගේ අත් බෑගයේ දමා තිබූ රුපියල් ලක්ෂ විසි දෙකකට වැඩි වටිනාකමකින් යුත් පවුම් 13 ක රන් තැල්ල සොරාගත් බව කියන එම විදුහලේම ස්වේච්ඡා පදනම මත සේවය කරන ගුරුවරියක අත්අඩංගුවට ගත් බව උඩප්පුව පොලිසිය කියයි.
සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ අවුරුදු විසිහතක් වයස ගුරුවරියකි.
උපාධිධාරී ගුරුවරිය කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා හෙළි වූ තොරතුරු මත මෙම සැකකාර ස්වේච්ඡා ගුරුවරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුට ගත් සැකකාරියගේ හෙළිකරගත් තොරතුරු මත පාසලේ පිහිටි වැට මායිමේසුරක්ෂිත ලෙස වළ දමා තිබූ වළදමා තිබූ රන් තැල්ල සොයාගත් බව පොලීසිය සඳහන් කරයි.
උපාධිධාරී ගුරුවරිය විසින් පැළඳ ගෙන එන මෙම රන් තැල්ල කාමරයට පැමිණි පසු ගලවා අත් බෑගයේ දමා ගැනීම පුරුද්දක් වශයෙන් කරගෙන යන බව කියති.
උපාධිධාරී ගුරුවරිය පසුගිය 25 වැනිදා හද පුරුදු ලෙස රන් තැල්ල අත් බෑගයේ දමා උගන්වමින් සිටියදී විදුහල්පතිවරයා කරන ලද දැනුම් දීමක් මත ඔහු හමුවීමට ගොස් ඇතැයි පොලිසිය කියයි.
අත්බෑගය පරීක්ෂාකර බලන විටරන් තැල්ල එහි නොමැති බව දැක ඒ ගැන පැමිණිලි කිරීමට පොලිසියට යෑමට සූදානම් වූ අවස්ථාවේ සැකකාරිය පොලිසියට පැමිණිලි කිරීමෙන් පාසලට අපකීර්තියක් වන බව පවසා පොලිසියට නොයන ලෙස ඇය ගෙන් ඉල්ලීමක් කර ඇතැයි දැන ගැනීමට ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ගුරුවරියගේ රන් තැල්ලට ගුරුවරියක්ම විදලා
සකල ගුරු Friday, 28 July 2023 02:13 PM
ලක්ෂ විසිදෙකක් වටිනා රන් තැල්ලක් පාසලකට ගෙනාවෙ ඇයි ඇත්තටම කාලයේ හැටියට එතරම් වටිනවා නම් ඒක පාසලට ගේන්න අවශ්‍යතාව ස්වේච්ඡා ගුරුවරියට ලෙඩක් අදින්නද කියලා හිතෙනවා මේ ගුරුවරිය පාසලට එනවිට පැළද එන එක පාසලේදී ගලවා තියෙන්නෙ දරුවො ඒක මංකොල්ල කයි කියලා සැකයක් නිසාද
pakeer Friday, 28 July 2023 03:07 PM
මෝඩ ගෑනියක්
Bunny Preena Saturday, 29 July 2023 11:14 AM
දැන් බලාගෙන ගියාම ලංකාවේ හැමතැනම හොරු ඉන්නවා... කාව විශ්වාස කරන්නද මන්දා...?