IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ගුරුවරියගේ මුහුණට නිරුවත් ඡායාරූප බද්ධ කළ සිසුන් දෙදෙනා මාට්ටු

(ෂේන් සෙනෙවිරත්න )

පොල්ගොල්ල මහවැලි අධ්‍යාපන විද්‍යා පීඨයේ සිට වසරක සීමාවාසික පුහුණුවක් සඳහා මාතලේ විජය විද්‍යාලයට ගිය තරුණ ගුරුවරියකගේ මුහුණට නිරුවත් ඡායාරූපයක් බද්ධකොට සමාජ මාධ්‍යයට මුදා හල බව කියන එම විදුහලේ 14 හැවිරිදි සිසුන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

එම තරුණ ගුරුවරිය නැටුම් ගුරුවරියක ලෙස පුහුණුවීම සඳහා එම විදුහලට අනුයුක්ත කොට ඇති අතර ඇයගේ නිරුවත් ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ සැරිසරනු දැක ඇය ඒ සම්බන්ධයෙන් මාතලේ පොලිසියට පැමිණිල්ලක් සිදුකිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයෙන් අනතුරුව එම විදුහලේ 10 වසරේ ඉගෙනුම ලබන සැකකාර සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ .



අදහස් (10)

ගුරුවරියගේ මුහුණට නිරුවත් ඡායාරූප බද්ධ කළ සිසුන් දෙදෙනා මාට්ටු

sunimal Monday, 12 August 2024 01:43 PM

පුදුම කාලකන්ණි ළමයි මොවුන්. මේ වගේ අය සමාජෙට ඇවිත් වගකීම් ගන්නකොට කොහොම තියේවිද?

:       1       52

Sunil Monday, 12 August 2024 02:03 PM

ඒ කාලකණ්නි දෙන්නාටත් ඒ වගේම වැඩක් කරන්න එහෙම කලානම් මට්ටු කරන්න පුළුවන් ලංකාවේ සමාජය හදන්න අවශ්‍ය නම් දැඩි නීති ක්‍රියාත්මක නැත්නම් සමාජය විසින්ම දඩුවම් දියයුතුයි...

:       2       34

Rohana Monday, 12 August 2024 02:50 PM

මේවගෙ අසික්කිත වැඩ පාසැල් ශිෂ්‍යයන්ගෙන් බලාපොරොත්තු නොවේ. මොවුන් වැඩිහිටියන් ලෙස සමාජයට ගියදාට මොනවා නොකරයිද?

:       2       28

Prabha Monday, 12 August 2024 03:09 PM

වෙන මොනවාත් නෙමෙයි දෙමාපියන්ගේ වැරැද්ද

:       0       24

මැක්ස් Monday, 12 August 2024 03:15 PM

තරුණ ගුරුවරිය සමග ද්වේශයෙන් පසු වී ඇති වගක් හැඟෙන මේ දෙදෙනාගේ පවුල් පසුබිම සොයා බලන්න. ජෙවිපියට සබඳකමක් ඇති වග දැන ගැනීමට ලැබීමේ සම්භාවිතාවක් පවතී. කිම්ද යත්, වෛරය, ක්‍රෝධය හොඳින් ප්‍රගුණ කර ඇත්තේ ඔවුන් නිසාවෙනි.

:       36       24

ස්ටැන්ලි ජයසිංහ Monday, 12 August 2024 05:38 PM

ඉතාමත් නිවැරදි අදහසක් කියලා කියන්න පුළුවන්. අධ්‍යාපනය කඩාකප්පල් කිරීම මාලිමා ක්‍රියාකාරී මහින්දගේ ප්‍රතිපත්තිය නිසා මේ අදහස ගැන සමීක්ෂණයක් කළොත් පැහැදිලි වේවි...!

:       19       11

ජයනාත් Monday, 12 August 2024 03:50 PM

ළමයි වුණාට දැඩි දඬුවම් දෙන්න ඕනෑ. එතකොට දෙමාපියන්ගේත් ඇස් ඇරේවි. දෙමාපියන් දරුවන්ට අනවශ්‍ය විදියට ෆෝන් භාවිතයට ඉඩ දීමේ ප්‍රතිඵල තමයි මේ...

:       2       19

සෙනෙවිරත්න Monday, 12 August 2024 09:05 PM

මේ මැක්ස් කියන මන්ද මානසිකයාගේ ජවිපෙ භීතිකාව උත්සන්න වී ඇත. මොවුන් පත්කළ පාලකයින් රටට කළ විනාශය විවිධ මුහුණුවරින් කළ එළි බසිමින් පවතී. සංඝ සමාජය බේද කර ඇත. කුඩු ජාවාරම් වඩවා පාසල් අසල කුඩු අලෙවිකරන තත්වයට පත් කර ඇත. මත්පැන් බලපත් ගමකට දෙක ගානේ දී ඇත. මෙවන් පාලකයින් පත්කළ අය ජවිපෙට දෙස් දෙවොල් තබා හිත හදාගනී. ජවිපෙ නොවේ නම් අද ළමා පරපුරට යන එන මං නැතිවනු නොඅනුමානයි. ජවිපෙ තමයි රටේම අවසාන බලාපොරොත්තුව...!

:       0       0

Dipal wijesinghe Monday, 12 August 2024 09:12 PM

වර්තමාන මාණ්ඩලික ප්‍රධානි, යුද හමුදාපති, නාවික මාණ්ඩලික ප්‍රධානි ඉගෙන ගත්තු පාසලේ තත්වේ හරිම සොචනීයයි. ළමයි ගැන දෙමාපියන් ගුරුවරු මිට වඩා අවදානය යොමු කරන්න ඕනෑ.

:       0       0

sam Tuesday, 13 August 2024 05:40 AM

මේ දෙන්නව මහපාරේ නිරුවතින් දණ ගැස්විය යුතුයි. මේ විදිහට කෙනෙකුට, දෙන්නෙකුට කලානම් ඔය එක්කොම නවතිනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site