(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව පමා වීමෙන් මේ වන විට ග්‍රාම නිලධාරී සේවය අකර්මණ්‍ය වී ඇතැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
1960 වසරේ ඇරඹූ ග්‍රාම නිලධාරී සේවය රාජ්‍ය සේවය සඳහා ඉතා ඵලදායී කාර්යභාරයක් ඉටු කරන බව කී අලහප්පෙරුම මහතා වජිර අබේවර්ධන මහතා ස්වදේශ කටයුතු හා රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ව සිටින සමයේ ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව සකසන බවට පොරොන්දුවක් ලබා දුන්නත් මේ වන තෙක් එය ඉටු වී නැති බව කීය.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසූයේ ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාවක් සැකසීම සඳහා අමාත්‍යාංශ මට්ටමේ වැඩ කටයුතු සියයට අනූවක් අවසන් වී ඇතත් මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ඒ සඳහා අවශ්‍යව තිබෙන බවයි.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව කෝ?
ගජමිතුරු Wednesday, 08 May 2024 11:43 AM
ලොක්කා ග්‍රාම නිළධාරි සේවය 1960 ආරම්භ කලා කිව්වම සම්පූර්ණයෙන්ම බොරුවක් කියලා කියන්න පුළුවන් .ඒ කාලයේ (දැන් පවතින ග්‍රාම නිළධාරි වසම් පහක් හෝ හයක විශාලත්වය තිබුන වසමේ කිසිම මාර්ග පහසුවක් නැතුව කටයුතු කල) ගම් මුලාදෑනි තනතුර අහෝසි කර ඇතිකලේ ග්‍රාම සේවක තනතුර මිස ග්‍රාම නිළධාරි සේවය නොවෙයි කියලා මතක් කරන්න ඕන. ඉන් පස්සෙ සේවක කැපිලා සේවා වෙලා නිළධාරි කොටසක් එකතුවුනා .ඉන් පපස්සෙ සේවා කොටස සම්පූර්ණයෙන්ම ලොප් වෙලා දැන් ග්‍රාම නිළධාරි වෙලා තියෙනවා. ඒවාත් නොදැන ජනාධිපති වෙන්න නේද තමුන්නැහැ ඉදිරිපත් වුනේ. ඉතින් කොහොමද රට හදන්නෙ .ඉතින් ඔයැයි එක්ක ඉන්න අනිත් කට්ටියම ඔහොම හින්දා තමයි ඔය කියන සේවා ව්‍යවස්ථා හදන්න බැරිවෙලා තියෙන්නෙ ,සේවා ව්‍යවස්ථා හදන්න කියලා නියම කලේ 2006 වැටුප් සංශෝධ අනුව නිසා 2015 වනතුරු පැවති ආණ්ඩුවල තමුන්නැහැ ප්‍රබලම චරිතයක හිමිකරුවෙක් නේද ,එහෙම හිටපු ඔයැයි 2015-2019 කාලයේ ඇමතිට දොස් කියලා වැඩක් නැහැ
Lelwala Wednesday, 08 May 2024 09:49 PM
දැන් ඉතින් අන්දරේ වගේ කියවනව.ඇමතිකම් තියෙන කාලේ සොයා ගන්නත් නැහ.