IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ග්‍රාම නිලධාරී වර්ජනය අවසන්

(කේ. බුද්ධික කුමාරසිරි)

ග්‍රාම නිලධාරීන් ආරම්භ කර තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සහ කළු විරෝධතා සතිය අද (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කර මැතිවරණය නිමාවට පත්වනතුරු සාමාන්‍ය පරිදි ග්‍රාම නිලධාරී සේවාවන් ලබාදීමට කටයුතු කරන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමීති සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ  මහතා අද (18) දින පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසීය

මේ වන විට ග්‍රාම නිලධාරීන් මැතිවරණ නිලධාරීන් බවට පත්ව ඇති බැවින් ස්වාධීන අපක්ෂපාතී සාම නිලධාරීන් ලෙස මැතිවරණ නීතියට අනුගත වෙමින් මහජන සේවාවන් උපරිම ආකාරයෙන් ඉටු කිරීම සඳහා මෙලෙස වෘත්තීය ක්‍රියා මාර්ගවලින් ඉවත් වන බවත් ඒ මහතා පැවසීය

ඉදිරියේදී පත්වන නව ජනාධිපතිවරයා සමඟ තම වෘත්තීය ගැටලු පිළිබඳව යලි සාකච්ඡා ආරම්භ කර පවතින ගැටලු සම්බන්ධයෙන් විසඳුමක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් එලෙස සාකච්ඡා මගින් ගැටලු විසදා ගැනීමට  නොහැකි වුවහොත් යලිත් වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමුවන බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය

 



අදහස් (1)

ග්‍රාම නිලධාරී වර්ජනය අවසන්

Chandula Tuesday, 20 August 2024 10:27 AM

ඉතින් අනුර කුමාර ජනාධිපති යටතේ බේරගන්නේ නැතිව..., එතුමා යටතේම ඉන්න ග්‍රාමසේවක අන්නැහේලාගේ සමිතිය අකුරට වැඩකළාම හරිද? රජයෙන් විසඳුමක් දුන්නාම ඒගොල්ලන්ගේ යෝජනා නැහැ කියලා ආයෙත් වර්ජනය දික්කරගෙන ගිය එක, දැන්වත් නැවැත්තුවොත් හොඳයි. අපත මොඩ්ල් වෙන්නේ නැතිව...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 619 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site