IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ග්‍රාම නිලධාරින් ලෙඩවෙන බව කලින්ම කියයි

(යොහාන් භාසුර)

ග්‍රාම නිලධාරීන් මුහුණදී සිටින ගැටලු රැසකට වහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා ලබන 6 සහ 7 දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන බව ග්‍රාම නිලධාරී සංගම් එකමුතුව පැවසීය.

ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා පැවසුවේ ග්‍රාම නිලධාරීන්ගේ රාජකාරී සඳහා වර්තමානයේ දෙන පහසුකම් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් ඒ පිළිබඳ අවස්ථා රැසකදී බලධාරීන් දැනුවත් කළ ද කිසිදු පියවරක් මේ දක්වා නොගත් බවත්ය.

ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාවක් හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීම සහ ග්‍රාම නිලධාරීන්ගේ දීමනා හැකි ඉක්මනින් වර්තමානයට ගැලපෙන ලෙස ඉහළ දැමිය යුතු බවත් නන්දන රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (1)

ග්‍රාම නිලධාරින් ලෙඩවෙන බව කලින්ම කියයි

වීරරත්න Saturday, 04 May 2024 05:17 PM

සිදුහත් රජතුමා මහල්ලෙක් ලෙඩක් මිනියක් හා පැවිදි කෙනෙක් දැකලා සෑම කෙනෙක්ම එම තත්වයන්ට පත්වෙනවා කියලා අවබෝධ කරගෙන රජ සැප අතහැර පැවිදි වුණා. ඉතින් ග්‍රාම නිලධාරි විතරක් නොවෙයි... බුදුදහම අදහන සෑම කෙනෙක්ම ලෙඩවෙනවා දැනගෙන ඉන්න ඕනෑ කවුරු කොහොම කිව්වත් ක්ෂේත්‍ර නිලධාරින් අතරින් වැඩිම සේවයක් කරන්නේ ග්‍රාම නිලධාරි බව අවිවාදයෙන් පිළිගන්න ඕනෑ... ඒ අනුව නම් ඔවුන්ට අනෙක් සියලු ක්ෂේත්‍ර නිලධාරින්ට වඩා සහනයක් ලැබෙනවා නම් හොඳයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 448 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site