IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ග්‍රෑන්ඩ්පාස් ගබඩාවෙන් සහල්, මිරිස් සොරාගත් 3ක් අත්අඩංගුවට

 

(ඉන්දිකා  රාමනායක)

ග්‍රෑන්ඩ්පාස්  මජීඩ්  පෙදෙසේ පිහිටි   ගබඩාවක්  කඩා රුපියල් ලක්ෂ 10 ට  අධික වටිනා සහල් සහ වියලි මිරිස් තොගයක්  සොරාගත් සැකකරුවන් තිදෙනකු අද  (23)   අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙම සොරාගත් භාණ්ඩ අතර  කිලෝ 25 සහල් මිටි 50 ක්, කිලෝ 30 වියලි මිරිස් ගෝනි 19 ක් වන බව පොලිසිය කියයි.

මෙම  ගබඩාව   ඉකුත් 16 දින සිට 21 දින දක්වා දින තුනක්  වසා දමා තිබී ඇති බවත්, එම කාලය තුළ  මොවුන්  ගබඩාවේ වහලේ ස්ලැබ් එකේ  වහලේ සීට්  කපා ඉවත් කර පඩිපෙළ කුහරය  ඔස්සේ ගබඩාව ඇතුලු වී මෙම සොරකම සිදුකර ඇති බවද පොලිසිය පවසයි.

සැකකරු  එම ගබඩාව  අසල  පදිංචිකරුවන් බවත්, ඔවුන් එම දින තුන පුරා මෙම සොරකම සිදුකර හාල් මිටි සහ මිරිස් මිටි කරේ තබාගෙන ගොස් ඇති බවද පොලිසිය කියයි.

 මේ සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව   පොලිසිය පරීක්ෂණ පවත්වා සිද්ධිය සම්බන්ධයෙන් එකම පවුලේ පියෙක් හා පුතෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී සෙසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

ග්‍රෑන්ඩ්පාස් ගබඩාවෙන් සහල්, මිරිස් සොරාගත් 3ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 601 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 753 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 317 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site