
(ගයාන් සූරියආරච්චි)
ගැඹුරු මුහුදේදී බිලී කටුවක් අතේ ඇගිල්ලක ඇමිණීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වූ ධීවරයෙක් නාවික හමුදාවේ විජයබාහු නෞකාව තුළදී සැත්කමක් සිදුකිරීමෙන් අනතුරුව නාවික හමුදා නිලධාරීන් විසින් එම ධීවරයා වැඩිදුර ප්‍රතිකාර සදහා අද (22) ගොඩබිමට රැගෙනවිත් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීය.
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් ගාල්ල සිට කිලෝමීටර් 479 ක් පමණ දුරින් වු ගැඹුරු මුහුදේදී මෙම අනතුර සිදුව තිබුණු අතර ධීවරයන් 7 දෙනකු රැගත් ‘දුව ෂයිනි‘ බහුදින යාත්‍රාවක් ඉකුත් (5) දා බේරුවල ධීවර වරායෙන් ධීවර කටයුතු සදහා පිටත්ව තිබුණි.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත කළ දැනුම්දීමකට අනුව එම ධීවරයා බේරාගැනීම සදහා නාවික නෞකා විජයබාහු නෞකාව නාවික හමුදාව විසින් පිටත්කර යවා තිබුණි.
අනතුරුව විජයබාහු නෞකාවේ වෛද්‍යවරයා විසින් අසාධ්‍ය ධීවරයා පරීක්‍ෂා කර, නෞකාව තුළදී සිදුකළ සාර්ථක හදිසි සැත්කමකින් ධීවරයාගේ දකුණු අතෙහි ඇඟිල්ලක ඇමිනී තිබූ බිලී කටුව ඉවත් කර අවශ්‍ය ප්‍රථිකාර ලබාදීම සිදු කර තිබුණි.
2025 දෙසැම්බර් මස 18
596
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගැඹුරු මුහුදේදී බිලී කටුවක් ඇමිණුනු ධීවරයා ජාතික රෝහලට