(අමදෝරු අමරජිව)
ත්‍රිකුණාමලය පොලිස් වසමට අයත් තිරුකඩලූර් හා ඊට යාබද විජිතපුර යන ගම්මාන දෙකේ ධිවරයන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් ධීවරයන් 6 දෙනෙකු ත්‍රි‘මලේ රෝහලට ඇතුළත් කර ඇති බව ත්‍රි‘මලේ පොලිසිය පවසයි.
ගැටුමක් සමතයකට පත් කිරිමට යුධ හමුදාව කැදවිමට පොලිසියට සිදුවිය.
කෝණේෂ්වරන් මුහුදේ ධිවර කර්මාන්තයේ යෙදුනු මෙම ගම් දෙකේ ධිවර දෙපිරිසක් මුහුදේ මාලු අල්ලද්දී තහනම් පන්න ක්‍රම උපයෝගි කරගෙන මාලු ඇල්ලිම සම්බන්ධයෙන් ඇති වු බහින් බස්විමක් ගොඩබිමදි ගැටුමක් බවට පත්වී ඇති අතර දෙපිරිස විසින් ගල්මුල් වලින් පහරදීම නිසා ගම්මාන දෙකේ ධීවරයන් තිදෙනා බැගින් දෙපිරිසේම හයදෙනෙකු තුවාල ලබා ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය කියයි.
තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචිමාර්ග පවසයි.ගල්මුල් වැදිමනිසා නිවාස කිහිපයකට ද සුළු හානි සිදුවි ඇති බව පොලිසිය කියයි.
අතිරේක ආරක්ෂාව සදහා පොලිස් විශේෂ කාර්ය බලකායද කැදවීමට සිදු වූ බව පොලිසිය කියයි.
සිද්ධීය සම්බන්ධයෙන් මෙතක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ත්‍රිකුණාමල මුලස්ථාන පොලිසිය මගින් පවත්වාගෙන යයි. මෙම ස්ථානයට පැමිණි ත්‍රිකුණාමලය කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රහ්මනගේ මහතා ගම්මාන දෙකේ ධිවර නායකයින් කැදවා සිද්ධිය සමතයකට පත් කිරිමට කටයුතු කළ බව පොලිසිය කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගම් දෙකක ධීවරයෝ ගැටී 6 ක් රෝහලේ