(සුජිත් හේවාජුලිගේ, නිමන්ති රණසිංහ සහ සුරංග රාජනායක)
ගම්පොළ නගරයේ සංවිධාන කෙරුණු මහා පරිමාණ ෆේස්බුක් සාදයක් පෙරේදා(24) සවස වැටලූ මධ්‍යම පළාතේ සුරාබදු නිලධාරීහු කණ්ඩායමක් විවිධ මත්ද්‍රව්‍ය ලබාගෙන මත්වී හතර අතේ වැටී සිටි තරුණ තරුණයන් 300 කට ආසන්න පිරිසක් සොයා ගත්හ.
මේ පිරිස අතර වයස 18 ට අඩු පාසල් ළමයින් හතළිස් දෙනකුද සිටි අතර ඔවුන්ට දැඩි ලෙස අවවාද කිරීමෙන් පසු මවුපියන්ට බාර දුන් බව මධ්‍යම පළාත් සහකාර සුරාබදු කොමසාරිස් උපුල් සෙනෙවිරත්න මහතා ලංකාදීපයට පැවැසීය.
ගංජා මිලි ග්‍රෑම් විසිදාහක් පමණ ළඟ තබාගෙන සිටි තරුණයන් දොළොස් දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගනු ලැබූ අතර එම පිරිස ගම්පොළ මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙහි සිට ඇති වැඩිම පිරිස තරුණයන් වන අතර එම සංඛ්‍යාව 250කි. මෙයට අමතරව තරුණියන් පනහකට ආසන්න පිරිසක්ද එහි සිට ඇතැයි හැටන් සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක එස්.ඩී සේනක සිල්වා මහතා පැවසීය.
මෙහිදී අත්අඩංගුවට ගනු ලැබුවේ ගංජා සන්තකයේ තිබූ දොළොස් දෙනකු පමණක් බවද
හෙතෙම සඳහන් කළේය.
ෆේස්බුක් සාදයේ සිටි තරුණ තරුණියන් ගංජා වලට අමතරව අයිස්, හෙරොයින් යනාදී මත්ද්‍රව්‍යද පාවිච්චි කර තිබූ බවට තොරතුරු අනාවරණයවී ඇතත් එම මත්ද්‍රව්‍ය ඒ අවස්ථාවේදී සොයා ගැනීමට සුරාබදු නිලධාරීන්ට හැකිවී නැත. ඒවා විශේෂිත වූ ස්ථානවල සඟවා සූක්ෂම ආකාරයෙන් ඔවුනට ලබා දෙන්නට ඇතැයි සුරාබදු නිලධාරීහු විශ්වාස කරති.
මෙම සාදය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කර තිබූ අතරමෙහි සිටි තරුණ තරුණියන් එම මාධ්‍ය ඔස්සේ මීට සම්බන්ධවී තිබූ බව තොරතුරු අනාවරණයවී ඇත.
මෙම සාදය සම්බන්ධයෙන් ෆේස්බුක් හරහා තොරතුරු හුවමාරු වනු දැක ඇති සුරාබදු නිලධාරියකුද ඊට සම්බන්ධවී අවශ්‍ය තොරතුරු ලබාගෙන මෙම සාදයට තවත් නිලධාරි නිලධාරිනියන් පිරිසක්ද සමඟ විනෝද වන්නන් ලෙස පැමිණ
ඇති බවත් ඔවුන් ආහාර ගනිමින් සහ නටමින් විනෝද වෙමින් ව්‍යාජ රංගනයක යෙදී සංවිධායකයන් නොමඟ යවා ස්ථානය මෙලෙස වැටලීමට කටයුතු කර ඇති බවත් වාර්තා වේ.
සංවිධායකයන් මෙම ෆේස්බුක් සාදයට පැමිණි සෑම අයෙකුගෙන්ම රුපියල් 500ක මුදලක් අය කර තිබූ බව පවසන
සේනක සිල්වා මහතා සුරාබදු නිලධාරීන්ද එම මුදල ගෙවා ඊට ඇතුළුවී තිබූ බව ප්‍රකාශ කළේය.
මෙම ෆේස්බුක් සාදයට ඇතැම් ධනවත් සහ ප්‍රභූ පුද්ගලයන්ගේ දරුවන්ද සම්බන්ධව සිට ඇතැයි
ආරංචි මාර්ගවලින් පැවසේ.
2025 දෙසැම්බර් මස 18
358
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්පොළ මත් සාදයේ බාලවයස් කරුවන් 15ක්