IMG-LOGO

2025 මැයි මස 29 වන බ්‍රහස්පතින්දා


ගම්පහ වික්‍රමආරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලය විවෘත කරයි

( තිලකරත්න දිසානායක)
 

  
මෙරට ප්‍රථම දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලය ලෙස , ගම්පහ වික්‍රමආරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලය නිල වශයෙන් විවෘත කිරීම අද (1) පෙරවරුවේ සිදු කෙරිණි. 
 
 
1929 වර්ෂයේ ආයුර්වේද චක්‍රවර්තී පණ්ඩිත් ජී.පී.වික්‍රමආරච්චි මහතා විසින් සිසුන් 20 දෙනෙකුගෙන් ආරම්භ කර ඇති අතර මෙතෙක් කලක් කැලණිය විශ්වවිද්‍යාලයේ අනුබද්ධිත ආයතනයක් ලෙස පැවතිණි.
 
 
මෙරට 16 වන ජාතික විශ්ව විද්‍යාලය ලෙසින් අද දින මෙම විශ්ව විද්‍යාලය නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්    මහාචාර්ය කපිල ලියනගේ, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, උප සභාපතිනී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා ලියනගේ යන මහත්ම මහත්මීන් ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් එක්ව සිටියහ.  


 



අදහස් (4)

ගම්පහ වික්‍රමආරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලය විවෘත කරයි

sharm warn Monday, 01 March 2021 07:42 AM

ආණ්ඩුව මාරු වුණාම අර වෛද්‍යවරුන්ගේ සංගමේ ලොක්කෝ ටික මේකත් වහලා වික්‍රමාරච්චි වෙද මහතාවත් ආපහු ගනියිද දන්නේ නැහැ... සයිටම් කළා වගේ..

:       3       7

සමිත සේනක අලුත්ගමගේ. Monday, 01 March 2021 08:21 AM

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට පිළිගත් මට්ටමක් ලැබීම අගය කළයුතු දෙයක්. ඒත්, බටහිර හා ආයුර්වේද ක්‍රම දෙකම මිශ්‍ර කරගෙන ලෙඩුන් පීඩාවට පත්කරන හොරගුහා බොහෝවිට දැකිය හැකියි. වෙද මහත්තයා හා වෙද නෝනාවරුන්ගේ බෙල්ලේත්, නලාව ... කිරිහොදියි, බෝල්ට් ඇනයි වගේ. කිසිම ගැලපීමක් නැහැ. අලකොළයි.. මීමන කොළයි වගේ.. අනේ මන්දා මේක නම් අපූරු රටක්. තවත් දෙයක් තමයි.., මේ රටේ සිංහල වෙදකම කරන්න වෙදකම ගැන මොනම දැනීමක් හෝ පළපුරුද්දක් නැති මේසන් බාස් කෙනෙකුට වුණත් පුළුවන්... මේවා නවතා දමා රටට, ජනතාවට, නීතියට වගකියන ආයුර්වේද වෙද පරපුරක් බිහිකරන්න. ලෙඩා මැරුණත් බඩගියා කියන වෙද සම්ප්‍රදාය අහෝසි කරන්න. තාත්තා දොස්තර වුණාට දොස්තර පුතාගෙන් බෙහෙත් ගන්නේ ඔහුත්, පිළිගත් වෛද්‍යවරයෙකු නම් පමණයි. ඒත් බොහෝ පාරම්පරික වෛද්‍යවරුන්ගේ දුවා දරුවන් ගැනද නිසි ක්‍රමවේදයක් තිබිය යුතුයි. නැතිනම්, වෙදාගේ වරදට වන්දි ගෙවන්නේ ලෙඩායි...

:       7       10

sharm warnMonday, 01 March 2021 09:14 AM

වෙද නලාව ගැන ඔබේ අදහසට නම් එකඟ වෙන්න බැහැ. ඒක බටහිර වෛද්‍යවරුන්ට පමණක් අයිති දෙයක් නොවේ. ඒක තවත් එක වෛද්‍ය උපකරණයක් විතරයි. අනිත් එක සාම්ප්‍රදායික වෙදපරපුරවල් වලින් ආව වෙදකම්වලින් තමයි රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යාලයත්, වික්‍රමාරච්චි වෛද්‍ය විද්‍යාලයත් පෝෂණීය වුණේ... වික්‍රමාරච්චි වෙද මහත්තයාත් වෙද පරපුරකින් පැවත ආව කෙනෙක්.. ඇත්තටම වෙන්න ඕනෑ බටහිර සහ දේශීය වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් රෝගීන් මුලාකර මුදල් ගරාගන්න අයව නීතිය ඉදිරියට ගෙනැල්ලා දඬුවම් කරන එකයි. එක එක දෙවියන්ගේ වරම්වලට මුවාවෙලා රෝගීන්ගෙන් ගසාකන සාම්ප්‍රදාය තමයි නතර කරන්න ඕනෑ...

:       3       10

සමිත සේනක අලුත්ගමගේ.Monday, 01 March 2021 09:59 AM

පටලවා ගන්න එපා. මා පවසා ඇත්තේත්.. එයයි. ඔබට අවබෝධ නොවුණාට වෙද නලාව අයිති බටහිර වෛද්‍ය විද්‍යාවට. ඔය වෙදකම් දෙක පටලවාගෙන රට රවටන අය ඉන්නවා. නුසුදුසු අය නිසා අසරණ ලෙඩුන් අමාරුවේ වැටුණු අවස්ථා තියෙනවා. මා කීවේ ඒවා නවත්වන ලෙසයි. ටිකක් බුද්ධියෙන් සිතන්න...

:       7       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 73 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 225 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 561 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site