(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට පැමිණෙන සාමාන්‍ය රෝගීන් සහ කොරෝනා වයිරස් රෝග තත්ත්වයේ රෝගීන් පරීක්ෂාවට ලක් කිරීම දැනට බාහිර ප්‍රතිකාර අංශය මගින් සිදු කරනු ලබන බැවින් කොරෝනා රෝග තත්ත්වයේ රෝගී පරීක්ෂාව පිනිස වෙනම ඒකකයක් සැකසීමට පියවර ගෙන ඇත.
මේ සඳහා රුපියල් 600,000ක පමණ මුදලක් වැය කරන බවත් දින තුනක් තුළ ඒකකය ඉදිකිරීම අවසන් කර රෝහලට බාරදීමට අපේක්ෂා කරන බවත් රෝහල් පදනමේ සභාපති රවීන්ද්‍ර ගණේගොඩ මහතා පැවසීය.
රෝහල් පදනමෙහි පූර්ණ මූල්‍ය දායකත්වය ඇතිව ගුවන් හමුදාවෙහි ශ්‍රම දායකත්වයෙන් මෙම ඒකකය ඉදිකිරීමට ඉදිරිපත් වී තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගම්පහ රෝහලට දින තුනකින් කොරෝනා ප්‍රතිකාර ඒකකයක් හදන්න යයි
lalithm Saturday, 21 March 2020 11:48 AM
ඔය ගමන්ම ගරා වැටුණු සත් මහල් ගොඩනැගිල්ල පිළිසකර කර දෙන්න පුළුවන් නම් ඇති විශාල සේවයක්.
siri Saturday, 21 March 2020 12:23 PM
මාධ්‍ය සංදර්ශන නෙවේ මේවා තමයි වැඩ කියන්නේ. මේ මාරාන්තික රෝගය පැතිරීයාම වැළැක්වීම සහ එයට ගොදුරුවුවන්ට ප්‍රතිකාර කිරීම සම්පූර්ණයෙන්ම අපේ සෞඛ්‍ය අංශයේ සියලුදෙනාටම බාරදී හමුදාවන් ඔවුන්ගේ උපදෙස්මත අවශ්‍ය උපකාර කිරීමට පටන්ගත්තොත් වඩාත් හොඳ බවයි කිවයුත්තේ.