IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගම්පහ පාලමක් අසල ජීව අත් බෝම්බයක්

( තිලකරත්න දිසානායක සහ ටෝනි කරුණානායක.)

ගම්පහ නගරයේ විජයාරාම පාර, කුණ්ඩිවිල ඇල මාර්ගය අද්දර කසළ ගොඩක තිබී අත් බෝම්බයක් හමුවූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි. 

කුණ්ඩිවිල ඇල මාර්ගය අසලින් අද (17) පෙරවරුවේ ගමන් ගත් අයෙකු විසින් බෝම්බයක් වැනි දෙයක් තිබෙනු දැක පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කොට ඇති අතර මෙහි කොටස් දිරාපත්ව තිබූ බව පොලීසිය පවසයි. 

මෙම බෝම්බය කුමක්ද යන්න නිශ්චිතව හදුනා ගනිමින් අවශ්‍ය වුවහොත් පුපුරවා හැරීම පිනිස බෝම්බ නිශ්ක්‍රීය අංශය කැදවීමට පොලීසිය පියවර ගෙන තිබිණි.  

මේ සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාසය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර සහ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිල්වා යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත අපරාධ විමර්ශන අංශාධිපති පොලිස් පරීක්ෂක මාලින්ද කුමාර මහතාගේ මෙහෙයවීමෙන් වැඩි දුර පරීක්ෂණ සිදු කෙරෙමින් පැවතිණි. 



අදහස් (0)

ගම්පහ පාලමක් අසල ජීව අත් බෝම්බයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site