(තිලකරත්න දිසානායක)
කොරෝනා රෝග ආසාදිතයෙකු බවට තහවුරු වී, මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමු කොට සිටින ගම්පහ නාගරික මන්ත්‍රීවරයාගේ වයස අවුරුදු තුනක දරුවා ඇතුළු පවුලේ සිව් දෙනෙකුටද රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා සදහන් කරයි.
මන්ත්‍රීවරයාගේ බිරිද, දරුවා සහ ඥාතීන් දෙදෙනෙකුද මේ අතර වන බව අද (13) සවස ලැබුනු පී.සී.ආර්. වාර්තා ප්‍රතිථල මගින් තහවුරු වී ඇති බව වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.
රෝගය ආසාදනය වී ඇති මන්ත්‍රීවරයා ඇසුරු කළ නාගරික මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඇතුළු ගම්පහ, විශාඛා පාර ප්‍රදේශයේ ආශ්‍රිතයින් 160 දෙනෙකු පමණ ඊයේ (12) දිනයේ පී.සී.ආර්. පරීක්ෂණය සඳහා යොමු කළ බවත් එම පිරිස අතුරින් මන්ත්‍රීවරයාගේ පවුලේ සාමාජිකයන් හැර අන් කිසිවෙකුටත් රෝගය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතැයිද සුභසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
මේ අතර රෝගය ආසාදනය වී ඇති සිව් දෙනා ප්‍රතිකාර පිනිස හෙට උදෑසන
රෝහල්ගත කිරීමට පියවර ගන්නා බව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නන්දන පතිරගේ මහතා කීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ගම්පහ නාගරික මන්ත්‍රී පවුලේ හතරකටත් කොරෝනා
Mr. Kelona Lantharas Friday, 13 November 2020 05:19 PM
මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ නම දන්නවා... ලෙඩ්ඩුන්ගේ නම දන්නේ නැහැ. අනේද කියන්නේ?