IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගම්පහ ගංවතුර මඬින්න ඒකාබද්ධ කමිටුවක්

(අංජුල මහික වීරරත්න)

ගම්පහ දිස්ත්‍රික්කය ජලයෙන් යටවීම වැලැක්වීම සඳහා සියලු රාජ්‍ය ආයතන වලින් සමන්විත ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවක් පත් කර ඇත.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද හා ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී මෙම තීරණයට එළඹ ඇත.

ඉදිරියේදී ගම්පහ දිස්ත්‍රික්කය හා ගම්පහ නගරය ජලයෙන් යටවීම වැලැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මේ සාකච්ඡාව කැඳවා තිබිණි.

ගම්පහ දිස්ත්‍රික්කය ජලයෙන් යටවීම වැලැක්වීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පර්යේෂණ සහ සැලසුම්) ඉංජිනේරු කේ.එච්. කීර්තිරත්න මහතා විසින් තෙවැදෑරුම් වැඩපිළිවෙලක් මෙහිදී ඉදිරිපත් කළේය.

මෙම තෙවැදෑරුම් වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ වගකීම ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවට පැවරීමට මෙහිදී තීරණය කෙරිණි.

 එම කමිටුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය, ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, වාරි මාර්ග දෙපාර්තමේන්තුව, මහා මාර්ග අමාත්‍යාංශය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ පළාත් පාලන ආයතනවලින් සමන්විත වේ. 

 

 



අදහස් (2)

ගම්පහ ගංවතුර මඬින්න ඒකාබද්ධ කමිටුවක්

Lalla Thursday, 06 June 2024 11:20 AM

තඩිය කාලේ ඔය රණතුංගම ඔයවගේ කමිටුවක් දාල ඇළවල් සුද්ධ කලා පසුගිය ගංවතුර වෙලාවේ. පලමුව වාරිමාර්ග මහාමාර්ග නගර සභාව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තම රාජකාරිය හරියට කලාම ඔය ප්‍රශ්නය නිකම්ම අවසන්.ඒ ඔක්කොම පින්පඩි අරගෙන නිකම් ඉන්න නිසා ජල මාර්ග අවහිර වෙලා ගංවතුර පාලනය ඛෑ. නිකම්ම ඕව දිහාට හැරිලා බලන්න. ඔක්කොම අවහිර වෙලා.අවුරුදු ගානකට සුද්ධ පවිත්‍ර කර නෑ.

:       0       6

එරංග Friday, 07 June 2024 09:18 AM

මොනවා කලත් මහින්ද මහත්තෙයා එයාගෙ පුද්ගලික සල්ලි යොදාගෙන මත්තල ගුවන් තොටුපොළ හදලා ඔහුගේ නමින් නම්කලා කියලා කෙනෙක් කියලා තිබුනා. ඒක කලේ කාගෙ සල්ලි වලින්ද. ජනතාව දන්නවා .ඉතින් ඔය එරංග වගේ එවුන් නගරයේ තනතුරු ගත්තොත් වෙන්නෙ ඒක තමයි .ඒ නිසා ඔය වැඩේ ජනතා මුදල් නාස්ති කිරීමක් නොවෙයි කියන්න බැහැ. ඒත් අත්‍යාවශ්‍යම නිසා ඔය ව්‍යාපෘති කිසිම දේශපාලුවෙකුගේ නමින් නම් කිරීම තහනම් කරන්න ඕන

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site