IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ගම්පහින් පැය 24 කදී ආසාදිතයින් 1762ක්

(තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොරෝනා ආසාදිතයින් දෛනිකව හමුවීමේ වැඩිවීමක් පෙන්නුම් කෙරෙන අතර අද (7) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 1762 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.

එම කාලය තුල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන් 15 ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම බියගම - 223 ක්, මහර - 202 ක්, වත්තල - 181 ක්, ගම්පහ - 151 ක්, අත්තනගල්ල - 140 ක්, මීරිගම - 131 ක්, මිනුවන්ගොඩ - 128 ක්, දොම්පෙ - 122 ක්, ජාඇල - 113 ක්, කැලණිය - 97 ක්, දිවුලපිටිය - 93 ක්, මීගමුව - 56 ක්, රාගම - 48 ක්, සීදූව - 40 ක් සහ කටාන - 35 දෙනෙකු වශයෙන් සිදුව ඇත.

දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව පැය 24 තුල ආසාදිතයින් 78 දෙනෙකු හමුව ඇති බවත් එය ආයෝජන කලාපය කටුනායකකින් - 51 දෙනෙකු සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 22 ක් වශයෙන් හමුව ඇති බවත් වෙබ් අඩවියෙහි සදහන්ය.

පැය 24 ක කාලය තුල ආසාදිතයින් අතුරින් දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත 527 දෙනෙකු යොමු කොට ඇති අතර රෝහල් ගත කොට ඇති සැක සහිත රෝගීන් සංඛ්‍යාව 63 දෙනෙකි. මින් ආසාදිතයින් 256 දෙනෙකු ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබති.

නිවාසවල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සංඛ්‍යාව 19,260 දෙනෙකි.

 



අදහස් (2)

ගම්පහින් පැය 24 කදී ආසාදිතයින් 1762ක්

Jayashantha Saturday, 07 August 2021 10:38 AM

මම පහුගිය සතිය පුරා මේ ගැන සෙවිල්ලෙන් සිටියා . මේ ඩේටා සම්පූර්ණයෙන් ජාතික ගණනය කිරීමේ වැඩ සටහනට එකතු වෙන්නේ නෑ. ගම්පහ දිස්ත්‍රික්කයේ ජනගහනය ,සාපේක්ෂව 10% කියල ගත්තොත් ලංකාවේ මුලු ආසාදිතයින් ගාන 17000 ක් විතර වෙන්න ඕනි.

:       1       2

Sri Lanka Saturday, 07 August 2021 04:22 PM

ගම්පහ කොරෝනා පට්ට ගහන්නේ ගම්පහත් ඉවර කරන්නද? කොරෝනා ප්‍රවර්ධනය නොකර ඉවර කරන්න ක්‍රමයක් හිතන්න. ස්තුතියි..!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31437 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13713 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11040 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 143 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1055 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 291 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site