IMG-LOGO

ගම්පහට තද සුළඟක් නිවාස රැසකට හානි

(තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් හරහා අද උදෑසන හමාගිය දැඩි සුළඟක් හේතුවෙන් නිවාස සහ දේපල හානි සිදුව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මීගමුව, දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ ගම්පහ ප්‍රදේශයන්හි හානි වාර්තාවී ඇති බවත් දැනට ලැබී ඇති තොරතුරුවලට මීගමුව ප්‍රදේශයේ නිවාස 40 ක් සහ ගම්පහ අවට ඉදිගොල්ල සහ කෙසෙල්වතුගොඩ ප්‍රදේශවල නිවාස 15 ක් පමණ ගස් කඩා වැටීම හේතුවෙන් අර්ධ වශයෙන් හානි සිදුව ඇති බවත් අනෙක් ප්‍රදේශයන්හි තොරතුරු ලැබෙමින් පවතින බවත් ආපදා කළමනාකරණ ගම්පහ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ අජිත් නිශාන්ත මහතා පැවසීය.

විදුලි රැහැන් මතට ගස් කඩා වැටීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලිය ඇනහිට ඇති අතර එය යථා තත්ත්වයට පත් කිරීමට විදුලි බල මණ්ඩලය පියවර ගනිමින් සිටී.

 

 



අදහස් (0)

ගම්පහට තද සුළඟක් නිවාස රැසකට හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 286 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 458 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site