(අංජුල මහික වීරරත්න)
ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කර ප්‍රතිඵල ලබාගැනීම සඳහා නව යාන්ත්‍රණයක් සකස් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය, මුදල් අමාත්‍යංශය, මහාමාර්ග අමාත්‍යංශය සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශය එක්ව අදාළ අමාත්‍යංශවල ලේකම්වරුන් යටතේ මෙම නව යාන්ත්‍රණය ක්‍රියාත්මක කෙරේ.
අදාළ අමාත්‍යංශවල නියෝජිතයන් ප්‍රාදේශීය ලේකම්වරුන් මුණගැසී ව්‍යාපෘතියෙන් ව්‍යාපෘතියට ප්‍රගතිය විමසාබැලීමට නියමිතව ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.
ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන යටතේ ලැබෙන මුදල් අයවැය එනතුරු නොසිට ඉතා කඩිනමින් ඵලදායී ව්‍යාපෘති සඳහා යොදාගන්නා ලෙසද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.
මේ අතර සමෘද්ධි සඳහා අලුතින් පත්කළ නිලධාරීන් 7500ටද ගම්පෙරළිය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී සම්බන්ධීකරණ කටයුතු පිළිබඳ වගකීම් භාරදෙන බව ගම්පෙරළිය 2019 වසර සඳහා හඳුන්වාදීමට කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ගම්පෙරළියේ වැඩසටහන් කඩිනම් කිරීමට නව යාන්ත්‍රණයක්