IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ගැබිනිය මරා සිරුර කොටස් කරලා

 

(විමුක්ති එස් රුද්‍රිගු)


පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්‍රකාශ කළේය.

දස්කා නගරයේ කොට්ලි මාර්ලන් ගම්මානයේ විසූ 26 හැවිරිදි සෙහෙරා කදීර් නම් ගැබිණි කාන්තාවක් මෙලෙස ඝාතනය වී ඇතැයි පාකිස්තාන පොලිසිය පැවැසුවේය.

ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කරනු ලැබ ඇති බවට මූලික විමර්ශන වලින් කරුණු අනාවරණය වී ඇතැයි පකිස්තාන පොලිසිය ප්‍රකාශ කළේය. ඇයට අවුරුදු දෙක හමාරක පුතෙකුද සිට ඇති බවද පාකිස්තාන පොලිසිය සඳහන් කළේය.

ඝාතනය කිරීමෙන් පසු සැකකරුවන් සෙහෙරාගේ සිරුර කොටස් 25 කට කපා එම කොටස් බෑග්වලට දමා ඇළකට විසිකර ඇති බවත් සිරුර හඳුනා ගත නොහැකි වීමට හිස කඳින් වෙන්කර ඇති බවත් පාකිස්තාන පොලිසිය පැවැසුවේය.

පුද්ගලික ආරවුලක් මත සැකකරුවන් මෙම ඝාතනය කර ඇති බවට විශ්වාස කළ හැකි බවත් අත් අඩංගුවට ගත් සැකකරුවන් වරද පිළිගෙන ඇති බවත් පාකිස්තාන පොලිසිය ප්‍රකාශ කළේය.

 වරද පිළිගත්තත් මෙම ඝාතනය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන බවත් එහිදී මෙම ඝාතනය සම්බන්ධ වැඩි දුර තොරතුරු හෙළිකර ගත හැකි බවත් පාකිස්තාන පොලිසිය පැවැසුවේය.



අදහස් (3)

ගැබිනිය මරා සිරුර කොටස් කරලා

Suranga Sunday, 17 November 2024 06:10 PM

මෙහෙම යක්ෂණියන්ගේ ක්‍රියාවන් මොකටද?

:       0       24

Nihal Sunday, 17 November 2024 09:35 PM

මෑතකදි පාකිස්ථාන් ගාමන්ට් එහි වැඩ කළ ලාංකිකයෙක් කෘර ලෙස පහර දී ඝාතනය කර පුළුස්සා දැම්මා... වැරැදි කාරයින්ට අද වනවිටත් දඬුවමක් ක්‍රියාත්මක නැත.

:       0       0

කුමාර Monday, 18 November 2024 12:49 AM

විදෙස් රටවල සිදුවන මෙවැනි කෘර ඝාතන සම්බන්ධ දේවල් කුමටද? එවැන්නකින් සමාජයට ගතහැකි දෙයක් තිබේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site