IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගිනි අවි හැදු අයෙක් උණ්ඩ,අවි සමඟ අල්ලයි

( බිමල් ශ්‍යාමන් ජයසිංහ,සුමිත් පොතුපිටිය සහ නිමාලි කහවල)

බුද්ධි අංශ වලට ලද තොරතුරක් අනුව ගිනි අවි නිශ්පාදනය කරන පුද්ගලයෙකු ජීව උන්ඩ  සහ ගිනි අවි කොටස් සමඟ අත්අඩංගුවට ගත්බව ඉංගිරිය   පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉංගිරිය නම්බපාන ගම්මාන පාර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකි.

හොරණ  ප්‍රදේශයේ ප්‍රසිද්ධ කර්මාන්තශාලාවක කාර්මිකයෙකු ලෙස සේවය කරන පුද්ගලයකු සිය නිවෙස තුළ නිවෙස තුළ රහසිගත ලෙස ගිනි අවි නිෂ්පාදනයේ යෙදෙන බවට බස්නාහිර පළාත් බුද්ධි සහ පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව  නිවස වටලා සිදුකළ සෝදිසි මෙහෙයුමේ දී කියූ උන්ඩ සහ ගිනි අවි කොටස් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

 සැකකරු සමඟ     ටි 56 උණ්ඩ 09, ක් ,නයින් එම්.එම්  උණ්ඩ 06, පොයින්ට් 2 2  උණ්ඩ 01, පතුරම් බහාලිම සදහා භාවිතා කරන කොපුවක් , මන්නා පිහි 02 ක්,  ගිනි අවි සැදිම සදහා සකස් කල බවට අනුමාන කල  හැකි යකඩ බට 03 ක් මෙහිදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.

සැකකරු ටී 56 උණ්ඩ සහ මිලිමිටර් 9 උන්ඩ  යෙදිය හැකි ආකාරයට ඉතා සූක්ෂම ලෙස  ගිනි අවි වලට අවශ්‍ය කොටස් නිෂ්පාදනය කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය විය

 සැකකරු නිෂ්පාදනය කළ ගිනි අවි අපරාධකරුවන් අතර මුදලට අලෙවි කර ඇත්ද යන්න වැඩිදුරටත් විමර්ශන සිදුකරන බව පොලිස් නිලධාරියෙක් පැවසීය 

43  හැවිරිදි සැකකරු   හොරණ ⁣මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත .

 

 



අදහස් (2)

ගිනි අවි හැදු අයෙක් උණ්ඩ,අවි සමඟ අල්ලයි

හුලං කුරුල්ලා Sunday, 23 April 2023 10:19 AM

යුක්රේන් හරි, රුසියාව හරි දන්නවා නම් පටගාලා වීසා දීලා ජොබ් එකකුත් දෙනවා.

:       0       1

Lalla Sunday, 23 April 2023 07:26 PM

මොහුට උදව්කර මොහුගෙන් හමුදාවට සේවයක් ගන්න. දක්ෂතාවය පමණක්ම සලකන්න.....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site