IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ගිනස් පොතට ගිය දෙපැත්තටම දුවන මෝටර් රථය

ලොව දිගම මෝටර් රථය ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්ව තිබූ ලිමෝ රථය නැවත ධාවනය කළ හැකි තත්ත්වයට පත් කර එම ගිනස් වාර්තාව අලුත් කර තිබේ.

1986 දී ලොව දිගම මෝටර් රථය ලෙස ලිමෝ රථය ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත් විය. පසුව එම රථය නැවත ධාවන තත්ත්වයට පත්කරමින් පසුගිය මාර්තු 1 දා එම ගිනස් වාර්ථාව අලුත් කිරීමට එහි නිර්මාණකරුවෝ සමත්වූහ.

මෙම මෝටර් රථය අඩි 100 කට වඩා දිගය.

1986 දී ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ බර්බෑන්ක් හි සේවාදායකයන්ට අවශ්‍ය පරිදි මෝටර් රථ වෙනස් කරන්නෙකු වන  ජේ ඕර්බර්ග් විසින් ඉදිකරන ලද ”දි ඇමෙරිකන් ඩ්‍රීම්” නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම ලිමෝ රථය ආරම්භයේදී  මීටර් 18.28 (අඩි 60) දිගින් යුක්ත විය.
රෝද 26 ක් මත ධාවනය වූ මෙම ලිමෝ රථයේ  ඉදිරිපස සහ පසුපස ඩ8 එන්ජින් යුගලයක් තිබුණි. ඕර්බර්ග් පසුව ලිමෝව මීටර් 30.5 (අඩි 100) දක්වා විස්මිත ලෙස දිගු කළේය.

ස්මාර්ට් ෆෝර්ට්වෝ මෝටර් රථ 12 එක පේළියට නතර කළත් ඒම පේලියට වඩා ”දි ඇමෙරිකන් ඩ්‍රීම්” දිගින් වැඩිය. 1976 කැඩිලැක් එල්ඩොරාඩෝ ලිමොසීන් මාදිලිය මත පදනම් ව ”ද ඇමෙරිකන් ඩ්‍රීම්” නිර්මාණය වී ඇත.

දි ඇමෙරිකන් ඩ්‍රීම්”  ඉදිරිපස සහ පසුපස  දෙපැත්තෙන්ම ධාවනය කිරීමට හැකියාව ඇත. මගීන් 75 දෙනෙකුට මෙහි ගමන් කිරීමට හැකියාව ඇති අතර ගමන් කරන්නන්ට අති සුඛෝපබෝගී පහසුකම් අත් විඳීමට ඉඩ ලබා දෙයි.

තාක්ෂණික ඉගැන්වීම් ආයතනයක් වන ඔටොසියම් හි මයිකල් මැනිං ඊබේ වෙබ් අඩවියේ  විකිණීමට තබා තිබූ දිරා ගිය  ”දි ඇමෙරිකන් ඩ්‍රීම්” මෝටර් රථය දැක එය නැවත ධාවනයට සුදුසු තත්ත්වයට පත් කිරීමේ අදහසින් මිලදී ගත් බව ඔහු පැවසුවේය. 

නමුත් අවශ්‍ය මුල්‍ය පහසුකම් නොතිබූ හෙයින් වසර 7, 8 ක් පැත්තකට දමා තිබූ අතර ඉන් අනතුරුව නැවත ඊබේ වෙබ් අඩවියේ විකිණීම සඳහා ලැයිස්තු ගත කරන ලදි. 

එය දුටු ෆ්ලොරිඩාවේ ඕර්ලන්ඩෝ හි ඩෙසර්ලන්ඩ් පාර්ක් කාර් කෞතුකාගාරයේ සහ සංචාරක ආකර්ෂණයන්හි හිමිකරු වන මයිකල් ඩෙසර් මැනිං සම්බන්ධ කර ගත්තේය. මැනිං සහ ඩෙසර් එකතු වී නැවත ධාවනයට සුදුසු තත්ත්වයට මෙම රථය පත් කරන ලදි. ඕර්ලන්ඩෝ හි ඩෙසර්ලන්ඩ් පාර්ක් කාර් කෞතුකාගාරයේ මෙම ලෝකයේ දිගම මෝටර් රථය ප්‍රදර්ශනයට තබා ඇත.
(034)



අදහස් (2)

ගිනස් පොතට ගිය දෙපැත්තටම දුවන මෝටර් රථය

Perera Saturday, 19 March 2022 04:03 AM

අපේ සර්ට මුලු පවුල පිටින් යන්න ඕක ලංකාවට ගෙන්න ගන්න බැරිද?

:       12       25

චමින්ද Sunday, 20 March 2022 07:16 PM

කුමාරයා රජවුනාම ගෙනේවි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 282 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site