(දයාරත්න ඇඹෝගම , උපුල් හේරත් බී.ජී.චතුරංග සහ රෝහණ චන්ද්‍රදාස)
මහමාන්කඩවල,වැවපාර ප්‍රදේශයේ නිවසක අද අළුයම සිදුවු හදිසි ගින්නක් හේතුවෙන් මව,දියණිය හා පුතා පිලිස්සි මිය ගොස් ඇතැයි ඇලයාපත්තුව පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ වැවපාර,මහමාන්කඩවල,ඇලයාපත්තුව යන ලිපිනයේ පදිංචි නිශාන්ති හේමලතා(30)නැමති මව හා ඇගේ දියණිය වන ජයරත්නගේ හංසකා ප්‍රබෝදනි(10) ඇයගේ පුතා වන ජයරත්නගේ විනුජ නවෝද් ජයරත්න((05)නැමති තිදෙනෙකි.
මෙම ගිණි ගැනිමෙන් මෙම නිවසේ හිමි පියාවන ජයරත්නගේ සමන්ත(37)යන අයද බරපතල පිලුස්සුම් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.
ගින්න හට ගෙන කෙටි වේලාවකින් අසල්වාසින් එක්ව ගින්න නිවා දැමුවද ඒවන විටත් කාමරයේ නිදා සිටි මවත් ඇගේ දියණිය හා පුතාත් පිලිස්සුම් තුවාල ලබා එම ස්ථානයේම මිය ගොස් තිබේ.තුවාල ලැබු පියා රෝහල් ගත කොට තිබේ.
මෙම නිවසට වෙනත් නිවසකින් විදුලි රැහැන් ඇද විදුලිය ලබාගෙන තිබු බවත් එම කාමරයේ පෙට්ට්‍රල් බුලියක් තිබු බවත් සිදුකළ මුලික පරික්ෂණයේදි අනාවරණය වු බවද පොලිසිය පැවසිය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ගින්නෙන් තරුණ මව කුඩා දරුවන් දෙදෙනා මරුට