IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


ගින්නකින් පොල්තෙල් නිෂ්පාදනාගාරයක් විනාශයි

 

(පුෂ්පකුමාර මල්ලවආරච්චි ) 

බාදුරාගොඩ  ගස්පේ පොත්තේවෙල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පොල් තෙල්  නිෂ්පාදනාගාරයක අද (3 ) අලුයම ඇතිවූ හදිසි ගින්නකින් එම පොල් තෙල් නිෂ්පාදනාගාරය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි .

දහවල් සිදු කෙරෙන විදුලි කප්පාදුව නිසා සේවක පිරිසක් රැය පුරා පොල් තෙල් නිෂ්පාදන කටයුතුවල හා නඩත්තු කටයුතුවල යෙදී සිටින අවස්ථාවේදී අලුයම හතරට පමන එක්වරම  විශාල ගින්නක් හටගත් බව ඔවුහු පැවසූහ.

ගින්න සැලවීමත් සමග ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීහු ගින්න නිවීමට ගත් උත්සාහය අසාර්ථක වීම නිසා කොප්පරා තොගයක් හා යන්ත්‍ර සූත්‍ර කිහිපයක් බේරා ගැනීමට  කටයුතු කළ අතර එසේ දේපල  බේරා ගැනීමට උත්සාහ ගත් කිහිප දෙනෙකු ද සුළු සුළු පිලිස්සුම් තුවාල ලබා තිබෙනු දැකිය හැකි විය.

කොප්පරා තොගයක් , නිපදවා තිබූ පොල් තෙල් තොගයක් හා පුන්නක්කු තොගය සමග නිෂ්පාදනාගායේ ප්‍රධාන යන්ත්‍රසුත්‍ර දැවී විනාශ වී තිබිණි.

පොල් තෙල් බැරල් දෙකක් පමණක් බේරාගෙන තිබිණි. සිදුවී ඇති හානිය රුපියල් කෝටි ගණනක් විය හැකි බව අනුමාන කෙරෙන අතර අලුයම හතරට පමණ ඇතිවූ ගින්න උදේ හය පමණ වන විටත් නිවා දැමීමට හැකියාවක් තිබුණේ නැත.

අනතුරුව එහි පැමිණි ගම්පහ නගර සභාවේ ගිනි නිවන අංශය ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරනු ලැබීය .පල්ලෙවෙල පොලිසිය නිලධාරී පිරිසක් ද මෙම කටයුතු සදහා දායකවූහ.

 

 



අදහස් (1)

ගින්නකින් පොල්තෙල් නිෂ්පාදනාගාරයක් විනාශයි

අමා විජේසිංහ Saturday, 06 July 2024 07:48 AM

ඔය තුසිතාලාගේ අයියගේ පොල්තෙල් මෝල... හීට් එක වැඩිවෙලා පිච්චිලා තිබුනේ.... අපරාදේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 47 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 203 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 544 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site