IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ගිනිගත් නැවෙන් තනි තනිව වන්දි ඉල්ලන්න ඉඩ - වීඩියෝ

(යොහාන් භාසුර)

ගිනිගැනීමෙන් විනාශ වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් හානියක් වූ පුද්ගලයන් සිටීනම් ඔවුන්ට ද තනි තනිවම වන්දි ඉල්ලා සිටීමට අවස්ථාව ලබාදීමට තීරණය කළ බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥා අලී සබ්රි මහතා පවසයි.

නෞකාවේ සිද්ධියෙන් ඇත්ත වශයෙන්ම පීඩාවට පත්වෙච්ච පුද්ගලයෙක් ඉන්නවා නම් ඔහුන්ට හිමිකම් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලෙස නීතිපතිවරයා ඉල්ලීමක් කළ බවත් එම හිමිකම් පාන පුද්ගලයන් පිළිබදව කටයුතු කිරීමට තවත් කමිටුවක් පත්කළ බවත් අලී සබ්රි මහතා කියයි.

ඒ සම්බන්ධයෙන් පුවත්පතවල සහ අනිකුත් මාධ්‍යවල දැන්වීම් පළකරලා ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කරන්න ක්‍රියාත්මක වන බවත් අධිකරණ අමාත්‍යවරයා සඳහන් කරයි.

වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේ සාමාන්‍ය ජනතාවගේ හානි සම්බන්ධයෙන් කටයුතු කිරීමට වරාය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ක්‍රියාත්මක වන බවයි.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (7)

ගිනිගත් නැවෙන් තනි තනිව වන්දි ඉල්ලන්න ඉඩ - වීඩියෝ

ase Monday, 14 June 2021 03:05 PM

වන්දි දියාරු කර "අපි දන්නේ නැහැ" කියන්නද යන්නේ?

:       1       253

ganegoda Monday, 14 June 2021 04:22 PM

අලාභ හානිවලට පත්වූ මනුෂ්‍යයින්ට වන්දි ලබාදීම රජයේ වගකීමක්... මේ අලාභහානි සිදුවූවන්ට ජාත්‍යන්තර වශයෙන් නඩු කියන්න කිසිම දැනීමක් නැති බව දැන දැනත් මේ ප්‍රකාශය මර උගුලක්...!!!

:       5       157

Nandana Monday, 14 June 2021 05:57 PM

රටකට වෙච්ච දෙයක් ගැන දැන් අපිද නඩු කියන්න ඕනෑ..? ඔබතුමාගේ උපාධිය ගත්තේ පංචිකාවත්තෙන්ද? චිට් එකෙන් නේද ඇමැති වුණේ...?

:       2       132

සමිත හිමි කුරුණෑගල Monday, 14 June 2021 06:04 PM

ඕක නම් මර උගුලක්. දැනටමත් සමහරු ඇමතිවරුන් කතා කරන්නේ නැව් සමාගමේ පැත්ත ඇරගෙනනේ. ඩීල් එක ගහලා ඇති.

:       0       208

Nihal Tuesday, 15 June 2021 05:42 AM

ඇයි මිනිස්සුන්ට ගින්න පාලනයට ඉඩක් නොදුන්නේ?

:       0       0

බද්රානි Tuesday, 15 June 2021 08:07 AM

මොවුන්, ඒ වන්දි මුදලුත් තනි තනිවම මංකොල්ල කන්නයි මේ හදන්නේ. රට ගැන කෙසේ වෙතත්, තමතමන්ගේ පොකට් එකට වැටෙන ගාන ගැන නම්, නියමෙටම සැලසුම් කරලා ඇති මේ හොර තක්කඩි... අනේ, ඇත්තටම මේ අයටත් ඉර පායනවනේ මේ මහපොළවේ ජීවත්වෙන්න...

:       0       133

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 15 June 2021 01:16 PM

අමාත්‍යවරයා කමිටුවක් පත් කරන්න යන දේ තමයි මේ වැඩේ තියෙන ලොකුම විහිළුව. තමන් දන්නා දෙයක් කරගෙන ඉන්නේ නැතිව, නොදන්නා දේ කරන්න යෑම නිසා තමයි මේ විනාශය වුනේ. දැන් දැන් ඇඟ බේරාගන්න මේ කමිටු ගැන කතාකරන්නේ... කමිටු පත් කරන්නෙත් මේ අයම තමයි. තමන්ට බැරිවූ දේ කමිටු පත්කරලා මෙන්න කියලා කරලා දාවි. දැන් කමිටුව සිදුවූ පරිසර හානිය නැති කරලා දමාවි. මේවා ඔක්කොම තමන්ගේ නොහැකියාව හා නොදැනුවත්කම වහගන්න කරනා රැවටිලි කතා හා වැඩ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18049 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10817 30

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 10005 9

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 439 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 127 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 805 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site