IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගාථාව අමතක පොඩි සාදුට ලොකු සාදුලා දුන් දඬුවම

(සුරංග රාජනායක)

බුද්ධ පූජාව තැබීමේදී ගාථා වැරැද්දුවා යැයි පවසා හිමිවරුන් තිදෙනකු අට හැවිරිදි සාමනණේර හිමිනමකගේ වධ හිංසාවට ලක් වූ සාමනේර හිමි නමක පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පුස්සැල්ලාව පොලිසිය කියයි.

මෙම කුඩා හිමියන්ට කොසු කැඩෙන තුරු පහර දී මුත්‍රා පොවා ඇති අතර මුහුණේ සහ පහරදී දත් හා නහය කඩා, තොල් පුපුරන තුරුත් තට්ටම් සහ ශරීරය පුරා තුවාල පැල්ලම් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

ගම්පොල පුස්සැල්ලාව පාරදෙක ප්‍රදේශයේ විහාරස්ථානයක  වැඩ සිටි මෙම කුඩා හිමිනමක මෙසේ පහර කෑමට ලක් ව තිබේ. ගුටි කෑ සාමනේර හිමියන් පැවිදි දිවියට තවමත් දින 45ක් බව කියයි.

මෙම පොඩි හාමුදුරුවන්ගේ නිවස ගම්පොල අටබාගේ උඩගම සොගමා ජනපදයේ අක්කර 20 ප්‍රදේශයේ පිහිටි අතර උන්වහන්සේ ගේ සීයා හා ආත්තම්මා මෙම විහාරස්ථානයට ගිය වෙලාවේ උන්වහන්සේ තුවාල වී ඇවිදීමට අපහසු තාවයෙන් සිටින බව දැක ඒ පිළිබඳව සොයා බැලීමේ දී මෙම තොරතුරු අනාවරණය වී ඇත 

 



අදහස් (5)

ගාථාව අමතක පොඩි සාදුට ලොකු සාදුලා දුන් දඬුවම

පිටිගල මිලානෝ Monday, 24 April 2023 04:52 PM

ඇවිදින්නට අපහසු නම් ටිකක් ගැඹුරු පරීක්ෂාවකට භාජනය කරන්න වෙනවා. දන්නැද්ද ඉතිං?

:       1       29

හේරත් Monday, 24 April 2023 05:34 PM

ගාථා අමතක කථාව බොරු. මේක අතවරයක්... දායකයින්ගෙන් අහන්න ඇත්ත විස්තරේ.

:       1       26

Bamunuarachchi Monday, 24 April 2023 06:09 PM

අනේ ඔයවිදිහට, පල්ලිවල කරන වැඩවල ගොස් පාදිලියන් සමග හිටගෙන රටේ බෞද්ධ නායකයින්ට විරුද්ධව වැඩකරන.., අනිකුත් ආගම්වලට විරුද්ධ ඉස්ලාම් ආගමේ පූජකයින් සමග කරටකර හිටගෙන උද්ඝෝෂණ කරන, දේශපාලකයින් සමග එකතුවී කරන අමන ගොන් වැඩ වලට එකතුවෙන ලොකු සාදුලාට ඔබ වහන්සේලාම ඔය විදිහටම දඬුවම් දෙන්නකෝ. එහෙම වුණොත් අපේ ප්‍රණාමය ලැබෙනවා ස්ථීරයි...

:       7       21

Dharma Dassanayake Monday, 24 April 2023 09:28 PM

ගොන් වහන්සේලා

:       0       1

Rohana Tuesday, 25 April 2023 09:00 AM

එකත් එකටම මේ උන්දැලා විශ්වවිද්‍යාල කාරයෝ.එහෙම නැතිනම් පොඩි හාමුදුරු නමකට මෙහෙම වරදක් උනාම මේ වගේ මුර්ග දඬුවම් දෙනවද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site