
(සුජිත් හේවාජුලිගේ)
රජයෙන් මත්පැන් බලපත්‍ර (බාර් ලයිසන්) ගත්‍තේ යැයි කියන විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට පක්ෂ නායකයන් වහාම එම බලපත්‍ර රජයට නැවත බාර දෙන ලෙස දැනුම් දී ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් එම මන්ත්‍රීවරුන් කිසිවකුත් මත්පැන් බලපත්‍ර මෙතෙක් රජයට යළි බාරදී නැතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවැසේ.
මේ අතර බදුල්ල රිදීමාලියද්ද මත්පැන් අලෙවිසල් හයක් විවෘත කිරීමට රජය බලපත්‍ර මෑතක දී ලබාදී ඇතැයි එම ප්‍රදේශයේ නායක හිමිවරු පිරිසක් චෝදනා කරති.
මින් එක් බලපත්‍රයක් විපක්ෂයේ මන්ත්‍රීවරයකුගේ මැදිහත්වීමෙන් ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාගේ බිරිඳගේ නමට ලබාගෙන ඇති බව දැනගන්නට ඇත.
ඒ සම්බන්ධයෙන් එම නායක හිමිවරු සහ සිවිල් සංවිධාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෞද්ගලිකවම හමුවී පැමිණිලි කර ඇත. මේ අනුව විපක්ෂ නායකවරයා එම මත්පැන් බලපත්‍රය වහාම රජයට නැවත බාරදෙන ලෙස එම මන්ත්‍රීවරයාට දැනුම්දී ඇතත් ඔහු ද ඊට ඇහුම්කන්දී නැතැයි වාර්තා වේ.
අලුතින් මත්පැන් අලෙවිසල් විවෘත කිරීම සම්බන්ධයෙන් බදුල්ල රිදීමාලියද්දේ ජනතාව රජයට ද දැඩි ලෙස විරෝධය පළකර ඇත. මේ අතර මැතිවරණ ප්‍රකාශයට පත්වී ඇති මේ වකවානුවේදී අලුතෙන් නිකුත් කෙරුණු සියලුම මත්පැන් බලපත්‍ර තම රජයක් යටතේ අහෝසි කරන බවත් එම බලපත්‍ර නිකුත් කළ නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගත්ත බාර් ආපසු දෙනු-සජිත්
ranjith Thursday, 30 May 2024 07:39 AM
බාර් ලයිසන් ගත්තු මන්ත්‍රීවරුන් කොහොමත් අනාවරණය වෙනවා මෙයාලාට ඡන්දේ නොදී ඉන්න එක තමා තියෙන්නේ
makuloluwa Thursday, 30 May 2024 08:11 AM
අලුතින් බාර් පර්මිට් ගත්තු අය ගැන කතාකරන්න කලින් ඔහේ ළඟ ඉන්න ඉස්සර ඉඳල බාර් පර්මිට් තියෙන අයට කියනවකෝ ඒවා අතාරින්න කියලා . කාවද ඔයි මේ රවට්ටන්න හදන්නේ ? බයවෙන්න එපා ඔහේ ඊළඟ ඡන්දෙදි කුජිතම වෙනවා . ඊට පස්සේ ජපන් බස පන්තියක් වත් පටන්ගමු නේද ගොබිලෝ
Ruwan Thursday, 30 May 2024 08:56 AM
ගත්ත අය මෙයාගෙන් අහල ගත්තේ නැත්තන් ආපහු මෙයා කිව්වට දෙන්නෙත් නෑනේ..මේ රූකඩ නායකයට පුළුවන් මේ වගේ විහිළු සපයන්න තමයි.දූෂිතයන් ඉවත් නොකර බාර් ලයිෂන් ආපහු දෙන්න කියන්නෙ කොන්ද පණ නැති කම සහ බලයට තියෙන කෑදරකම නිසා.
charith Thursday, 30 May 2024 08:59 AM
බලේ ඉද්දි ඔය වගේ සීන් පේන්නෙ නැ, බලේ නැතිවෙලා විපක්ශෙ උනාම මිනිස්සු ගැන, දූෂණය ගැන මතක් වෙලා මාර කැක්කුමක් එනව. මෙයා නිකන් හැසිරෙන්නෙ දැන් ආණ්ඩුවක හිටියෙම නැති පොඩි බබෙක් වගේ.
රංබොඩ Thursday, 30 May 2024 09:20 AM
ආපහුු දෙන්න කියන්නේ මෙයා බලයට ආවම නැවත දෙන්නම් කියන එකනෙ. හොඳ වෙලාවට මේ ටාසන් බාප්පා බලයට නම් එන එකක් නෑ. මිස්ටර් බීන් නෙ දැන් ඉන්නෙ
Bernard Perera Thursday, 30 May 2024 10:40 AM
පුතානෝගේ කතාව දෝලාවෙන්, ගමන පයින්, ගිරිය බුබ්බ ගෙන කෑගහනවා, තමන්ගේ මන්ත්‍රීවරුව පාලනය කරගන්න බෑ, කොන්දක් තියෙන නායකයෙක් වෙන්ඩ බලන්ඩ. බොරු ෂෝ විතරයි.
Fairoos Thursday, 30 May 2024 11:28 AM
ඉතාම හොඳයි... මෙහෙම හරි කියන එක ආණ්ඩුවේ ඉන්න කාලකණ්ණින්ට නම් ගාණක්වත් නෑ.
wije Thursday, 30 May 2024 12:02 PM
අනේ මැට්ටෝ තමුන්ගේ ලේකම් රන්ජිත් උන්නැහැ ගෙන් කෙලින්ම අහපන් අලුත් බාර් පර්මිට් එකක් ගත්තා නේද කියලා.නිකන් වටේ යන්නේ නැතිව
Amadyapa Thursday, 30 May 2024 01:20 PM
බලයට ආවාම ඒ බලපත්‍ර දීපු නිලධාරීන්ට විරුද්ධව ක්‍රියා කරන බව කියනවා. ඒ වුණාට තමන්ගේ පැත්තේ ඉන්න ඒ බලපත්‍ර ගත්තු අයට මුකුත් කරන පාටක් නැහැ. නිලධාරීන් ආසාවට බලපත්‍ර බලෙන් දුන්නේ නෑනේ. නියම කැකිල්ලේ තීන්දුවක් තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ.
kamal koyrala Thursday, 30 May 2024 04:45 PM
කට්ටය ඉන්නේ ඡන්දෙ වෙනකම් නායකයා කියන දේ අහන්නේ නැහැ පක්ෂයේ උන් මොකද ය දන්නේ අනික් ය කරන දේ කොපි කෙරීම හරි නයයක්යෙක්නම් තම පක්ෂයේ අයගේ ලෞස්ටුව ඉදිරිපත් කර ඒවා නැවත බර නොදෙන්නනට එරෙහිව පක්ෂ විනය , සාමුහික වග කීම ය
Charith Friday, 31 May 2024 06:25 PM
පේනවා නේද මොවුන් දෙපැත්තට වෙලා අපිට චිත්‍රපටි පෙන්නුවාට වෙනසක් නැතුව ආණ්ඩුවේ අයට වගේම මොවුන්ටත් තුටු පඬුරු බෙදා දීලා.. අන්න ඒකයි කියන්නේ මොවුන් ඔක්කොම යාලුවෝ කියලා.. අනේ මිනිසුනේ මේ රටේ අනාගතය තීරණය කරන්න පුළුවන් අපේ පුංචි කතිරයකින්.. බුද්ධිමත්ව හිතලා ඒ වටිනා මනාපය භාවිතා කරන්න. පිං සිදු වෙයි හොරුන්ට තක්කඩින්ට කඩේ යන්න එපා. මේක අපේ රට. මොන දේ වුණත් අපිට ජීවත් වෙන්න තියෙන එකම රට.. දේශපාලුවෝ නම් ඕන තරම් හම්බකරගෙන ඉන්නේ.. ඔවුන් වෙන රටකට හරි ගිහින් ජීවත් වෙයි.. ඒත් අපිට මේක විතරයි...!