
(සිතුම් චතුරංග)
වවුනියාව, තේක්කවත්ත ප්‍රදේශයේ ලැඟුම්හලක් තුල තිබී ටි.56 ගිනිඅවි සඳහා භාවිතා කරන පතරොම් 30 ක් සහ යුද හමුදා නිල ඇඳුමකට සමාන නිලඇඳුමක් සමඟින් හිටපු යුද හමුදා විශේෂ බළකා සෙබළකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.
ලැඟුම්හල තුළ ගණිකා නිවාසයක් පවත්වාගෙන යන බවට වවුනියාව පොලිසිය වෙත ලැබුණ තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී හිටපු යුදහමුදා සෙබලා, ලැඟුම්හලේ කළමනාකරු හා ගණිකා වෘතියේ නිරත කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.
දීර්ඝ කාලයක සිට ලැඟුම් හල තුළ කාන්තාවන් ගණිකා වෘතියේ නිරතවී ඇති අතර ලැඟුම්හලේ කළමනාකරු හා යුද හමුදා සෙබලා කාන්තාවන් ගණිකා වෘතියේ යොදවා මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණයවූ බවද පොලිසිය සඳහන් කළේය.
ලැඟුම්හලේ සිට හදිසි පිටවීම් සඳහා එහි කාමර තුල රහස් පිටවීම් දොරටු කිහිපයක්ද ස්ථාපිත කොට තිබූ බවත් පොලිස් නිල සුනඛ අංශයේ සුනඛයින් යොදවා පරීක්ෂා කිරීම් සිදුකළ බවද කීය.
අත්අඩංගුවටගත් සැකකරුවන් වවුනියාව මාමඩුව , ඇටවීරගොල්ලෑව හා අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ත් 30 අතර වයෙස් පසුවන්නෝ වෙති.


2025 දෙසැම්බර් මස 18
437
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගණිකා නිවෙසක් පවත්වාගෙන ගිය හිටපු එස්.එෆ් සෙබලා මාට්ටු