IMG-LOGO

ගෝඨාභයට යළි නොතීසි දෙන්නැයි නියෝග

(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් සහ කූගන් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් උසාවියේ විභාග වන නඩුවට සාක්ෂි දීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැඳවීමට බලයක් නොමැති බවට ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ගොනුකර ඇති විශේෂ අභියාචනා පෙත්සමේ වග උත්තරකාර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි නොතීසි බාරදෙන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුවන්ට නියෝග කළේය.

අධිකරණය මෙසේ නියෝග කළේ ලලිත් සහ කූගන් මහත්වරුන්ගේ දෙමාපියන් ගොනුකර තිබූ විශේෂ අභියාචනා පෙත්සම ගාමිනි අමරසේකර, යසන්ත කෝදාගොඩ සහ ඒ.එච්.එම් නවාස් මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය.

වගඋත්තරකාර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතිඥ නියෝජනයක් නොවූයෙන් ඔහුට යළි නොතීසි බාරදෙන ලෙස පෙත්සම්කාර පාර්ශවයට අධිකරණයෙන් නියෝග කෙරින.

විශේෂ අභියාචනා පෙත්සමේ මෙසේද සඳහන් වේ.

2011 වසරේ සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් සහ කූගන් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබ තිබිනි.එම නඩුවේ සාක්කිකරුවෙකු හැටියට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරනු ලැබ සිටියේය. ඊට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ මහතා රිට් පෙත්සමක් ගොනු කර තිබූ අතර ඒ අවස්ථාවේදී එම රිට් පෙත්සම විභාගයට ගැනීමෙන් පසු ජනාධිපති ධුරයේ කටයුතු කළ බැවින් සාක්ෂියට කැඳවිය නොහැකි බවට අභියාචනාධිකරණය තීන්දු කර තිබිනි.

එම තීන්දුවෙන් අගතියට පත් ලලිත් සහ කූගන් දෙපළගේ දෙමව්පියන් ඊට එරෙහිව මෙම විශේෂ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරින .අදාළ තීන්දුව බල රහිත කර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාක්කියට කැඳවීමට නියෝග කරන ලෙස මෙම විශේෂ අභියාචනා පෙත්සමෙන් ඉල්ලා ඇත.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ නුවන් බෝපගේ මහතා පෙනී සිටියේය.



අදහස් (1)

ගෝඨාභයට යළි නොතීසි දෙන්නැයි නියෝග

Perera Thursday, 20 October 2022 06:03 AM

සාක්කි කාරයෙක් විදිහට පටන්ගෙන ඊටපස්සේ විත්ති කාරයෙක් විදිහටත් එන දවසක් ඒවිද මන්දා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 168 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 483 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 72 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site