IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගෝඨාගේ පැමිණිම තායිලන්තය තහවුරු කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තායිලන්තයට ඇතුළු වීමට අවසර ලබා දෙන්නැයි ශ්‍රී ලංකාවේ වත්මන් රජය තායිලන්ත රජයෙන් ඉල්ලා ඇතැයි තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක ටනී සංග්‍රාත් මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ඇති මිත්‍රත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමට අවසර දුන් බව ටනී සංග්‍රාත් මහතා පෙන්වා දුන්නේය.

ඒ අනූව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට  හෙට දිනයෙන් පසුව කැමති දිනක තායිලන්තයට පැමිණීමට හැකියාව තිබෙන බව ටනී සංග්‍රාත් මහතා පැවසීය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තයෙන් දේශපාලන රැකවරණ ඉල්ලා නැති බවත් තාවකාලික සංචාරයක් සඳහා තායිලන්තයට පැමිණීමට නියමිත බවත් බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට රාජ තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් හිමි බැවින් තායිලන්තයේ දින 90 ක කාලයක් රැඳී සිටිය හැකි බව තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දුන්නේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තයට පැමිණීමෙන් තම රටට ශ්‍රී ලංකාව සමඟ කිසිඳු ප්‍රශ්නයක් ඇති නොවන බව තායිලන්ත විදේශ කටයුතු අමාත්‍ය දොන් ප්‍රමුද්විනායි මහතා ප්‍රකාශ කළේය.

තායිලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයින්ද විරෝධය දැක්වීමට හේතුවක් නැතැයි ඔහු පෙන්වා දුන්නේය.

රාජපක්ෂ මහතා තායිලන්තයට පැමිණෙන දිනය තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යංශයට දන්වා නැතැයි ප්‍රමුද්විනායි මහතා පැවසුවේය.

 



අදහස් (9)

ගෝඨාගේ පැමිණිම තායිලන්තය තහවුරු කරයි

Chamara Wednesday, 10 August 2022 09:25 PM

මෙයා මේ ලෝකෙ වටේ රවුම් ගහන්නෙ තවම අපේ සල්ලි වලින් නේද? ඔහොම රවුම් ගහල අන්තිමට ලංකාවට ඇවිත් පස්සෙ දොරින් පාර්ලිමේන්තුවටත් රිංග ගනීවි.

:       0       0

Lalith M Wednesday, 10 August 2022 09:45 PM

නටපු තොයිලෙකුත් නෑ බෙරේ පලුවකුත් නෑ.... බොරුවෙන් ජනපති කම ගත්තා. කිසිම දෙයකට හැකියාවක් නෑ. කරපු දේකුත් නෑ. අවසානයේ පලාගියා. මෙවැනි බියසුල්ලෙක් නැවත මේ රටට ආ යුතුද? කුමටද...

:       0       0

Prabha Wednesday, 10 August 2022 10:42 PM

හොරැ කියපු පවුලේ අනිත් සෑම දෙනාම ලංකාවේ නම් ගෝඨා විතරක් ඇයි නැවත එන්නේ නැත්තේ.

:       0       0

සිරිබිරිස් Wednesday, 10 August 2022 11:14 PM

මමත් හරිම කැමැති තැනක් තමයි තායිලන්තයේ බැංකොක් වලට .

:       0       0

chandima Thursday, 11 August 2022 12:25 AM

රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයෙන් යනවා කියන්නේ මේ අපේ සල්ලි වලින්ද සංචාරයේ යන්නේ?

:       0       0

මැක්ස් Thursday, 11 August 2022 06:50 AM

ථේරවාද බෞද්ධ රටක් වශයෙන් ඔවුන් තවත් බෞද්ධ රටක, වෙසෙසින්ම වැඩි බෞද්ධ ජන මනාපයකින් බලයට පත්, එහෙත් එහෙත් දේශීය හා ජාත්‍යන්තර කුමන්ත්‍රණයකට හසු වූ නායකයකුට පහසුකම් සැලසීමට ඉදිරිපත් වීම අගය කළ යුතුය.

:       0       0

පිටිගල මිලානෝ Thursday, 11 August 2022 09:25 AM

සෞදි රට මේ වගේ ලෝකෙටම එපාවුණු රාජ්‍ය නායකයින්ට රැකවරණය දෙනවා.

:       0       3

fairoos Thursday, 11 August 2022 12:21 PM

රනිල් කළගුණ සලකනව වෙන්නැති.

:       1       2

රටවැසියෙක් Thursday, 11 August 2022 12:56 PM

ඔබතුමා ලංකාවට එන්න. ඔබතුමා රටට අවශ්‍ය නායකයෙක්. ඔබතුමාගේ කාරුණික බව මේ කට්ටිය හිතුවේ නිවට කමක් කියලා. වීරයෝ වගේ රැඟුවා. ප්‍රබාකරන්ට බැරිඋන දේ මේ මෝඩ රැල අරගලය මැද්දට පැනල කෙරුවා කට්ටියට දැන් හොඳයි නේ. සැපයි.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site