IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගැට කපන්නා දරුවන්ට පිය සෙනෙහස අහිමි කරයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සිංහල අලුත් අවුරුද්දට බිරිඳ සහ දරුවන් බැලිමට යමින් සිටියදී සාක්කුවේ තිබූ රුපියල් 80,000 ක මුදලක් ගැට කපන්නකු සොරා ගැනීමෙන් සිත්තැවුලට පත්ව සිටි තිදරු පියකුගේ මළ සිරුර කුඹුක් ගසක එල්ලෙමින් තිබියදී අද සොයා ගත් බව නවගමුව පොලිසිය කියයි.

සිද්ධියෙන් මියගොස් තිබුණේ බදුරලිය පිල්ලවලකඩ , ගඟ ළඟ පදිංචිව සිටි කලුආරච්චිගේ සරච්චන්ද්‍ර 58 තිදරු පියෙකි.

නවගමුව පහළ බෝමිරිය ප්‍රදේශයේ ගල් මෝලක රැකියාව කරන මියගිය පුද්ගලයා ගල් මෝලේ හිමිකරු වැටුප් වශයෙන් ලබා දුන් රුපියල් 35,000 සහ එකතු කරගත් මුදල් සමග රුපියල් 80000 මුදලක් රැගෙන සිංහල අවුරුද්දේ බිරිඳ සහ දරු තිදෙනා සමග භුක්ති විඳීම සඳහා සිය ගම් ප්‍රදේශයේ වන බදුරලිය ප්‍රදේශය කරා උදේම පිටත් ව ගොස් තිබූ බව පොලිසිය කියයි.

මුදල් හැඳ සිටි කමිසයේ උඩ සාක්කුවේ දමාගෙන තිබී ඇති අතර ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී ඔහුගේ මුදල් නොමැති බවට දැක කලබල වී සොයා බැලුවත් ප්‍රතිඵලයක් නොවූයෙන් නිවස කරා නොගොස් ජ නැවතත් ගල් මෝල වෙත පැමිණ තිබූ බව පොලිසිය කියයි.

මියගිය පුද්ගලයා ඊයේ රාත්‍රී ගල් මෝල ආසන්නයේ සුපුරුදු බොඩිම් කාමරයෙහි ගත කර ඇති අතර අද අළුයම මිතුරකු පැමිණ ඔහු පිළිබඳ සොයා බැලීමේදී බෝඩිම් කාමරය තුළ නොවීමෙන් සිදුකළ සෝදිසි යෙදී කුඹුක් ගසක ඔහුගේ සිරුර එල්ලෙමින් තිබී ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (6)

ගැට කපන්නා දරුවන්ට පිය සෙනෙහස අහිමි කරයි

pakeer Thursday, 13 April 2023 09:30 PM

හරිම ශෝචනීයයි. ඒ වගේමය පව් මේ මනුස්සයා. යාළුවෙක්වත් හිටියේ නැද්ද මේ මනුස්සයාගේ හිත හදන්න.

:       0       12

Amara Thursday, 13 April 2023 09:50 PM

අපරාදෙ ජීවිතේ. අප්‍රේල් කියන්නෙ කවදත් කොහා විතරක් නෙමේ මහ මග හොරු ඉන්න කාලෙ.

:       0       12

Muthu Thursday, 13 April 2023 11:58 PM

මේ කතාව කියවන්න බැරි තරම් දුකයි. ලංකාවේ ඉන්න කෙනෙක් කවුරු හරි දරු පවුලට උදවු කරන්න. නැත්නම් ජීවිත ගණනාවක් විනාශ වෙනවා. නැතම් අයාලේ යනවා.

:       0       13

අසාධාරණ Friday, 14 April 2023 06:22 AM

මෙම ආකාරයට හොරකම් කරන එවුන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න ඕන මේ මනුෂ්‍යයා නොවිදිනා දුක්විද දවසක් හෝ සතුටින් සිටීමට මෙහෙම කරන්න ඇති ඉතින් මෙහෙම හොරකම් කරන මුදල් වලින් කනබොන සෑම එකාටමත් ජාති ජාතීත් පඩිසන් දේවි කොහොම වුනත් තාක්ෂණය දියුණු මෙම කාලයේ අතේ මුදල් ගෙනයන ක්‍රමය නම් හොද මදි ඇත්තටම ඒ ඒ ප්‍රදේශවල ගැට කපන්නේ කවුද කියලා ආරක්ෂක අංශය නොදන්නවා වෙන්න බැහැ එනිසා අලුතින් නීතියක් ගෙනවිත් හෝ උන්ට උපරිමයෙන් දඩුවම් දියයුතුය.

:       0       15

විපරමා Friday, 14 April 2023 10:38 PM

මේ කාලේ ගැටකපන්නෝ හරියට.පොලිසියත් ජනතාව දැනුවත් කෙරුවා.අපේ මුදල් ආරක්ෂා කර ගැනීමට අපි කල්පනාකාරී විය යුතුයි .

:       0       3

fairoos Tuesday, 18 April 2023 12:48 PM

ඉතාම කනගාටුයි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site