එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් කීව් නගරයේ සංචාරය කරමින් සිටියදී රුසියානු හමුදාවේ රොකට් ප්‍රහාරයක් එල්ල විය.සති දෙකකට ආසන්න කාලයකට පසු කීව් අගනුවරට එල්ල වූ පළමු රොකට් ප්‍රහාරය මෙය වේ. රොකට් ප්‍රහාරයෙන් තුන්දෙනෙකු තුවාල ලබා ඇත.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් ඇතුළු කණ්ඩායම ආසන්නයට මෙම රොකට් ප්‍රහාරය එල්ල විය. මෙම රොකට් ප්‍රහාරය හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය කම්පනයට පත් වූ බව එක්සත් ජාතීන්ගේ ප්‍රකාශකයෙක් පැවසීය.
සති කිහිපයකට පෙර රුසියානු හමුදා පසුබැසීමෙන් පසු කීව් අගනුවරට එල්ල වූ ප්‍රථම සහාසික ප්‍රහාරය මෙය වේ. "යුක්රේනය යුද කලාපයක් කියල අපි දන්නව නමුත් එය අපට ආසන්නයේ සිදු වීම කම්පනයට කරුණකි"එක්සත් ජාතීන්ගේ මානුෂීය කාර්යාලයේ ප්‍රකාශක සැවියානෝ ඇබෘ පැවසීය.
" එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් සමග කීව් හි පැවැත්වූ සාකච්ඡා අවසන් වනවාත් සමග ඒ ආසන්නයට රුසියානු රොකට් ප්‍රහාරයක් එල්ල වුණා. රොකට් පහක්,එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එම සංවිධානය නියෝජනය කරන සෑම දෙයක්ම අවමන් කිරීමට රුසියානු නායකත්වය දරන උත්සාහය ඇතුළුව ගොඩක් දේ මෙම ප්‍රහාරයෙන් කියවෙනවා" යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පැවසීය. මෙම ප්‍රහාරයට බලවත් ප්‍රතිචාරයක් දෙන්න ලබා දෙන්න ඔහු වැඩි දුරටත් පැවසීය.
(බීබීසී)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගුටරේස් සෙලෙන්ස්කී හමුවෙද්දී රොකට් ප්‍රහාරයක්