IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගේට්ටුකරු නිරෝධායනයේ:දුම්රිය අනාරක්ෂිත ගමනේ

 

(සුමිත් ප්‍රේමතිලක)

වාද්දුව දුම්රිය ස්ථානය තාවකාලිකව වසා දමා සේවකයින් නිවෙස් වල නිරෝධායන කළ පිරිස අතර ප්‍රධාන දුම්රිය හරස් මාර්ගයේ රාජකාරි කරන සේවකයා ද නිවෙස්ගත කර කිරීමට හේතුවෙන්, එම හරස් මාර්ගය අනාරක්ෂිත වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

දුම්රියක් ධාවනය වන අවස්ථාවක එම ගේට්ටුව වසීමට මේ වන විට කිසිදු සේවකයකු නොමැත. දුම්රිය ගේට්ටුව ද විවෘතව ඇත.

ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම, පාර්සල් භාර ගැනීම සහ නිවේදන කටයුතු සිදුකිරීම ඇතුළු කිසිදු සේවාවක් දුම්රිය ස්ථානය තුළ සිදු නොවන අතර , දුම්රිය මගීන්ට දුම්රියන්ට ගොඩවීමට සහ දුම්රියෙන් බැස පිටව යාමේ පහසුකම් පමණක් සලසා තිබේ.

එහෙත් විශාල වාහන ප්‍රමාණයක් ගමන් ගන්නා ප්‍රධාන දුම්රිය හරස් මාර්ගයේ සේවකයකු අනිවාර්යෙන්ම යෙදවිය යුතු බවට ප්‍රදේශවාසීහු චෝදනා නගති .

 



අදහස් (5)

ගේට්ටුකරු නිරෝධායනයේ:දුම්රිය අනාරක්ෂිත ගමනේ

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 13 May 2021 03:18 AM

දුම්රිය බලධාරීන් නින්දේ.අහිංසක මිනිස් ජීවිත මරුවාට අත වනනු පෙනේ.කෝ මේ අයිතිවාසිකම් වෙනුවෙන් පමණක් කෑ මොරදෙන දුම්රිය වුර්ථීය සමිති කාරයන්.ඒ අයට තම වගකීම් හා යුතුකම් ගැන පේන්නේ නැහැ. පේන්නේ ඉල්ලීම් හා අයිතිවාසිකම් ගැන පමණයි.

:       2       28

ජයන්ත මිලානො Thursday, 13 May 2021 04:05 AM

ලංකාවේ රාජ්‍ය සේවයේ කාර්යක්ෂම බව සහ මනාපරිපාලනයේ දක්ෂතාවය...

:       0       0

sancharana seema Thursday, 13 May 2021 05:10 AM

ඔය මිනිහා හිටියත් නැහැ වගේ තමයි. ඔය හැම පැත්තටම වැහෙනවා වටයක් කරකවා රේල් පාර වහන්න කෙනෙක් වාද්දුවේ නැතිද?

:       0       1

sharm warn Thursday, 13 May 2021 05:57 AM

දුම්රිය දෙපාර්තමේන්තුව කියන්නේ විශාල සේවක අතිරික්තයක් තියෙන ආයතනයක් කියලා රටම දන්නවා. එතකොට මේ වගේ වගකිව යුතු වැඩකට වෙනත් සේවකයෙක් යොදවන්න කොහෙත්ම බැරිකමක් නැහැනේ. මෙයාලගේ අකාර්යක්ෂමතාවයේ උපරිමය තමයි මේ පෙන්වන්නේ. තව කොහේද? මේ රට දියුණු කරන්නේ.. මෙතන අනතුරු දෙක තුනක් වෙලා මාධ්‍ය සංදර්ශනයක් යනකල් මේ පළාතෙන් පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීකාරයාත් හොඳට නිදාගෙන ඉඳියි..

:       0       0

සෙනවි Thursday, 13 May 2021 08:42 AM

වෘත්තිය සමිති කියන ඒව අහන්න ඕන කමක් නැහැ.මෙය දුම්රිය දෙපාර්තමේන්තුවේ වගකීමක්. අනුන්ට දොස් කියන්න අවශ්‍ය නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site