IMG-LOGO

ගංජා බී බස් එළවලා

(චන්දන හෙන්දුරුගොඩ සහ ලලිත් නවරත්තන )

අපරික්ෂාකාරි ලෙස පෞද්ගලික බස් රථයක් ධාවනය කළ රියැදුරකු පිළිබදව සැක සිතා අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු ගංජා පානය කර ඇති බව තහවරු වු බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි.

සැකකාර රියදුරු වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයකු බවයි පොලිසිය සදහන් කරන්නේ.

අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීමේ වරදට මන්නාරමේ සිට කොළඹ බලා මගීන් රැගෙන ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් පොලිස් නිලධාරීන් විසින් නවත්වා ඇති අතර එම බස් රථය පැදවූ රියදුරුගේ අසාමාන්‍ය හැසිරීම සහ කථා විලාශය අනුව ඔහු කිසියම් මත් ද්‍රව්‍යයක් භාවිතා කර ඇති බවට අනුමාන කළ පොලිස් නිලධාරීන් ඔහුව හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.

එහිදී අනාවරණය වී ඇත්තේ සැකකාර රියදුරා ගංජා පානය කර ඇති බවය.

 



අදහස් (5)

ගංජා බී බස් එළවලා

prasanna Sunday, 23 March 2025 10:25 AM

බීලා වගේ තමයි දැන්නම් පේන්නේ..!

:       0       2

රියදුරු මිස්ටර් හාන්සි Sunday, 23 March 2025 11:36 AM

ඕක සාමාන්‍ය දෙයක් වෙලා. තව අර පුවක් වගේ ජාතියක් තියෙනවා. කඩවල නවත්තලා බස් (විශේෂයෙන් AC Bus) කොන්දොස්තර මහත්මයා දුවලා ගිහින් අරන් එනවා. ඒක රියැදුරු මහත්මයාට සැරින් සැරේට කන්න පුලුවන් තැනක තියනවා. මං හිතන්නේ ඒ මාවා කියන මත්ද්‍රව්‍ය වෙන්න ඕනෑ. ඕක අනුරාධපුර නුවර නිතර වෙන එකක්. අනික් ඒවායේත් ඒක වෙනවා ඇති. ඔතැන ප්‍රශ්නය සංකීර්ණයි. එකක් අල්ලන එක නෙමෙයි. දුර ධාවනය වන අය කම්මැලිකම නිදිමත යන්න කියලා හිතාගෙන කරන්න පුරුදු වෙන දේවල්. නමුත් අනතුරක් වුනාම ඒකට විතරයි පැලැස්තර දාන්නේ. මේවා ලේ පරීක්ෂණයකින්, මුත්‍රා පරීක්ෂණයකින් ඇර ලේසියෙන් හොයන්න බැහැ. ඒ නිසා කළ යුතු වන්නේ නිරන්තර පරීක්ෂා කිරීම් සමග පරීක්ෂා කරන නිළධාරීන්ව පරීක්ෂා කරන්න ක්‍රමවේදයක් සැකසිය යුතුයි. මොකද, ඉස්සර පොලිසියම තමා තාමත් ඉන්නේ. ජනතාවට මේ දේවල් දැනුම් දෙන්න පුළුවන් ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න. නිර්ණාමිකව පොලිසිය සහ පොලීසිය තුළ ප්‍රතිදූෂණ ඒකක වලට SMS හෝ අන්තර්ජාල මගින් දැනුම් දිය හැකි විදියට. ඒ අයව රකින්න ක්‍රමයක් සකසන්න.

:       0       19

Nandalal de Silva - France Sunday, 23 March 2025 09:49 PM

මගීන් ගෙ පෙර පිණකට, පොලීසිය බසය පරීක්ෂා කල නිසා, සමහර විට සිදුවීමට ඉඩකඩ තිබුන භයානක අනතූරක් වලක්වා ගැනුමට පුළුවන් වුනා. මෙම රියදුරුගේ බලපත්‍රය වහා ක්‍රියාත්මක වන පරිදි තහනම් කර, ජීවිතාන්තය දක්වා මහජන ගමන් සෙවයක රියදුරු කෙනෙක් හැටියට, සුක්කානම අතට ගැනීමත් තහනම් කල යුතු වෙනවා....

:       0       4

Mangala Dissanayake Monday, 24 March 2025 08:21 AM

මේක දැන් ඩ්‍රයිවර්ලාට සාමාන්‍ය දෙයක් වෙලා. බහුතරයක් දෙනා දුම්කොළ හෝ ගංජා භාවිතා කරලා ධාවනය කරනවා, විශේෂයෙන් දුර ගමන් සේවාවේ ධාවකයෝ. එහෙම බිව්වේ නැත්තම් ධාවනය කරන්න බැරිලූ, නින්ද යනවලු

:       0       2

Nandalal de Silva Monday, 24 March 2025 02:58 PM

ගංජා නොබී බස් රථ දැක්කුවොත්, මෙ ගොන්නුන්ට නින්ද යනවාලු ! ගංජා ගහල එලවලා මාරක අනතුරක් වුණොත්, මගීන් සදාකාලික නින්දකට, මෙම ගංජා බෙබද්දන් ගෙන යනවා නොවෙද ? මුන්ට නින්ද නොයන ජොබ් දීමට, ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස්රථ හිමියන් කඩිනමින් වගබලා ගතයුතුය....

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කෙහෙළියගේ නඩුවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්
2025 මැයි මස 14 42 0

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ’ඉමියුනෝ


සනීපෙට ගමන් යන්න ’’ක්ලීන් ශ්‍රී ලංකා’’ වෙන් උදව්වක්
2025 මැයි මස 14 735 2

මහජන සනීපාරක්ෂාව සහ ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීම වෙනුවෙන්, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රධාන සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා ජාතික මට්ටමේ ව


දුම්රිය ගමන්වාර 20ක් අවලංගු කරයි
2025 මැයි මස 14 512 1

දුම්රිය රියදුරන් සහ නියාමකයන් සේවයට වාර්තා නොකිරීම නිසා දුම්රිය ගමන් වාර 20 කට අධික සංඛ්‍යාවක් අද (14) දහවල් වන විට අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්


මහින්දානන්දගෙන් අපේක්ෂිත ඇප ඇයදුමක්
2025 මැයි මස 14 553 3

ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හා අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැවක් ආනයනය කිරීමේ ක්‍රියාමාර්ගය තුළින් රජයට රුපියල් කෝටි 130කට අධික පාඩුවක් සිදු කල


පෙම් යුවළ බසයට බිලි
2025 මැයි මස 14 1996 0

යතුරුපැදියෙන් වෙසක් සිරි නරඹමින් ගමන් කරමින් සිටි පෙම්වතුන් යුවළක් මාතර බ්‍රවුන්ස්හීල් ප්‍රදේශයේ දී පෞද්ගලික බසයකට යටවීමෙන් මියගොස් ඇතැයි මාතර පො


බේස්ලයින් දුම්රිය හරස් මාර්ගය වහයි
2025 මැයි මස 14 890 0

කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර සහ නාරාහේන්පිට දුම්රිය ස්ථානය අතර පිහිටි රේල්වේ ඇවනිව් දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් සඳහා එම හරස් ම


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1380 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1592 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 412 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site