IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ගංගාරාම ‘බුද්ධ රශ්මි’ වෙසක් කලාපයෙන්

(යොහාන් භාසුර)

වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන බුද්ධ රශ්මී වෙසක් කලාපයේ රාත්‍රී පෙරහැර ශ්‍රී ලංකා නාවික හමුදා බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් උත්කර්ශවත් ලෙස පැවැත්විණි.

හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ එම පෙරහැර සංවිධානය කළේය.

ගංගාරාම විහාරස්ථානයේ සිට එම විහාරස්ථානයේ සීමාමාලකය වෙත විචිත්‍රවත් පෙරහැරකින් වැඩම කළ සධාතුක කරඬුව බෞද්ධාගමික වත් පිළිවෙත්වලට අනුකූලව සීමාමාලකයෙහි තැන්පත් කිරීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා වෙතින් සිදුවිය.

පෙරහැර අවසානයේ අනුශාසනාව සිදුකළ ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ, මෙවර බුද්ධ රශ්මී වෙසක් කළාපය සාර්ථකව පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව දැක්වූ දායකත්වය ඇගයීය.

එදින රාත්‍රියේ බුද්ධ රශ්මී වෙසක් කලාපය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් බොදු බැතිගී ගායනා, සැරසිලි සහ සංස්කෘතික සංදර්ශන නැරඹීම සඳහා නාවික හමුදාධිපතිවරයා සමඟ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී, මාලා ළමාහේවා මහත්මි, නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු හා නාවික හමුදා බෞද්ධ සංගමයේ සභාපති රියර් අද්මිරාල් රවී රණසිංහ මහතා ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් එක්ව සිටියහ.

 



අදහස් (0)

ගංගාරාම ‘බුද්ධ රශ්මි’ වෙසක් කලාපයෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 278 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 806 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1217 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site