(සුරංග රාජනායක)
ගංජා අලෙවි කරමින් සිටි ගම්පොළ නගර සභා පොහොට්ටුවේ මන්ත්‍රීවරයකු එළඹෙන 30 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගම්පොළ වැඩබලන මහේස්ත්‍රාත් නන්දනී කාන්තිලතා මහත්මිය අද නියෝග කළාය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත වූයේ නිස්සංක පතිරණාලාගේ සුරේෂ් ඉන්දික කුමාර නොහොත් චමින්ද යන අයයි. ඔහු ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණු (පොහොට්ටවේ) ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි.
මෙසේ දඬුවම් ලබා සිටියදීත් මොහු මෙවර පළාත් පාලන මැතිවරණයේදී මන්ත්‍රීවරයකු ලෙස ගම්පල නගර සභාවට පත් වූ අතර එහි පළමු මාසය ගතවීමටත් මත්තෙන් මෙසේ ගංජා සමඟ ගම්පොළ පොලිසියේ දූෂණ මර්ධන අංශ නිලධාරීන්ට හසුව තිබුණි.
දීර්ඝ කාලයක් තිස්සේ මොහු ගංජා, කසිප්පූ හා මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට ලද තොරතුරු මත ගම්පොළ පොලිසිය තොරතුරු සොයමින් සිටියදී මොහුගෙන් ගංජා ග්‍රෑම් තුනක් රැගෙන යමින් සිටි අයකු හසුව උපාය දූතයකු මගින් මෙම මන්ත්‍රීවරයා ගංජා ග්‍රෑම් තිහක් සමඟ අත්අඩංගුවට ගෙන තිබුණි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ගංජා වික්ක ප්‍රා මන්ත්‍රී රිමාන්ඩ්